Saturday, January 18, 2025

සංවර්ධන නිලධාරිනියකගෙන් අමුතු ගිලන්පසක් වළදන්න ගිය චීවරධාරියෙකුට වැඩ වරදී !

Must read

monk_arrestedරාජකාරි කටයුත්තක් සදහා විහාරස්ථානයට පැමිණි ගර්භණී ආර්ථික සංවර්ධන නිලධාරිනියකට ලිංගික අතවරයක් කිරීමට උත්සාහ කළ බව කියන චීවරධාරියෙකු රුපියල් දස දහසක මුදල් ඇපයක් හා රුපියල් පනස් දහසක ශරීර ඇපයක් මත මුදාහරින ලෙසට කුලියාපිටිය මහේස්ත‍්‍රාත් ජයරුවන් දිසානායක මහතා නියම කළේය.

මෙලෙස ඇපමත මුදා හැරුණේ කුලියාපිටිය, රත්මලේ ප‍්‍රදේශයේ විහාරස්ථානයක වාසය කරන චීවරධාරියෙකි.

අදාළ ආර්ථික සංවර්ධන නිලධාරිනිය රාජකාරි කටයුත්තක් සදහා විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදී තමන්ට ගිලන්පසක් පිළියෙල කර දෙන ලෙසට සැකකාර චීවරධාරියා ඇයගෙන් ඉල්ලා ඇති බව බී වාර්තාවක් හරහා කරුණු ඉදිරිපත්කරමින් පොලිසිය අධිකරණය හමුවේ පැවසීය. පසුව ඒ සදහා මුලූතැන්ගෙය වෙත යමින් සිටි නිලධාරිනිය සංඝාවාසය තුළට ඇදගෙන සැකකාර චීවරධාරියා එහි දොර වසාගෙන ඇති බවටත් පොලිසිය අධිකරණය හමුවේ වැඩිදුරටත් පැවසීය.

අගතියට පත් ආර්ථික සංවර්ධන නිලධාරිනිය විසින් කුලියාපිටිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත කර තිබූ පැමිණිල්ලකට අනුව එහි ස්ථානාධිපතිනි කාන්තා උප පොලිස් පරීක්‍ෂක සාවිත‍්‍රී සිරිමාන්න සහ පොලිස් සැරයන් දයාරත්න (58527 ) යන නිලධාරීන් විසින් සැකකාර චීවරධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළහ.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර

(ඉහත දැක්වෙන ඡායාරූපය මෙම සිදුවීමට කිසිසේත්ම අදාළ ඡායාරූපයක් නොවන අතර ප්‍රවෘත්තිය අර්ථවත් කිරීමේ අරමුණින් යොදාගෙන ඇති අන්තර්ජාල ඡායාරූපයක් බව කරුණාවෙන් සලකන්න )

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article