පුත්තලම දිස්ත්රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී වලිමුනි මෙන්ඩිස් අබේසේකර ශාන්ත සිසිර කුමාර මහතාට ඇප ලබාදිමේ නියෝගය නිකුත් කිරිම 21 වැනිදා සිදු කරන බව හලාවත මහාධිකරණ විනිසුරු ජගත් ඒ කහදගම මහතා අද (17) නියෝග කළේය. සැකකරු එදින තෙක් රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස ද විනිසුරුවරයා නියම කළේය.
2004 මැයි මස 30 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දි නීති විරෝධිව ගිනි අවියක් හා උණ්ඩ තොගයක් සන්තකයේ තබා ගැනීම සහ අයුතු ජනරාශිය යන චෝදනා මත සැකකාර මන්ත්රිවරයා අත්අඩංගුවට ගැණිනි.
නඩුව යළි අද (17) මහාධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේ දි ඔහුට ඇප ලබා දිමේ නියෝගය මේ මස 21 වන නිකුත් කරන බවත් එතෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටත් විනිසුරුවරයා දැන්වීය.
රජයේ අධිනිතිඥ ලක්මාලි දිසානායක මහත්මිය පැමිණිල්ල මෙහෙයවූ අතර ජනාධිපති නිතිඥ අනුර මැද්දේගොඩ නිහාල් සුමනධිර නිතිඥ සුමුදු ජයමාන්න යන මහත්වරුන් සහ නිතිඥ නදීශා කන්නන්ගර මහතමිය සැකකරු වෙනුවෙන් පෙනී සිටියහ.
ඔගස්ටින් ප්රනාන්දු