Saturday, January 18, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධනය මෙන්ම දෙමළ ජනතාවගේ අභිලාෂ ඉටුවීම ගැනද ඉන්දියාවේ අවධානය

Must read

Gotabaya_Modi_ANI2

ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා නිරත වූ ඉන්දිය නිල සංචාරයේදී ඉන්දීය  අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සහ ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පැවති නිල ද්වීපාර්ශ්වීය සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් මෙන්ම දෙමළ ජනතාවගේ සමානාත්මතාවය සහ සංහිඳියාව සම්බන්ධයෙන්ද අවධානය යොමු වී තිබේ.

අගමැති මෝදි විසින් ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 400 ක ණය මුදලක් ප්‍රකාශයට පත් කර ඇති අතර ත්‍රස්තවාදයට එරෙහි වැඩපිළිවෙල ශක්තිමත්  කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 50 ක වෙනම අරමුදලක් ප්‍රදානය කර ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

අගමැති මෝදිගේ කතාවේදී තවදුරටත් සඳහන් කර ඇත්තේ ලංකාවේ උතුරු නැගෙනහිර සංවර්ධනය මෙන්ම ලංකාවේ ජාතික සමඟිය සම්බන්ධයෙන්ද පැවති සාකච්ඡාවේදී අදහස් හුවමාරු කරගත් බවයි. දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුවන සංහිඳියාවැඩපිළිවෙල ඉදිරියට ක්‍රියාවට නැංවිය යුතු බවත් එහිදි

සංහිඳියා වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදි  ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  13වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම ද  එයට ඇතුලත් බව  අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අවධාරණය කරයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article