Saturday, January 18, 2025

ශක්තික කුමාරට ඇප !

Must read

shakthikaලේඛක ශක්තික සත්කුමාරට අද කුරුනෑගල මහා අධිකරනය ඇප ලබා දුන්නේය.

ඒ සත්කුමාරගේ ඇප අයදුම්පත් නඩුව අද (අගෝස්තු 05) විමසීම සඳහා කැඳවීමෙන් පසුවය.

සත්කුමාර හා ඔහු වෙනුවෙන් ඇප අයදුම්පත ගොනුකල යනූෂා ලක්මාලි වෙනුවෙන් නීතිඥ චමින්ද අතුකෝරාල, මැල්කම් මචාඩෝ, සංජය විල්සන් ජයසේකර, සී.ඩබ්.ඩබ්.රත්නායක යන නීතිඥවරු පෙනීසිටියෝ ය.

පොල්ගහවෙල පොලීසිය වෙනුවෙන් පෙනී සිටි රජයයේ නීතීඥවරයා දන්වා සිටියේ ලේඛකයා මාස හතරක් ඉක්මවා බන්දනාගාරගත කර ඇති බැවින්ද, පොලිස් පරීක්ෂන අවසන් බැවින්ද ඇප ඉල්ලීමට විරුද්ධ නොවන බවයි.

සත්කුමාර වෙනුවෙන් නීතිඥ අතුකෝරාල කරුනු දක්වමන් කියා සිටියේ මහා අධිකරනය විසින් ඇප ලබාදෙන්නේ සුවිශේෂී කරුනු සලකා බලා බැවින්, ලේඛකයා දින 120 කට අධික කාලයක් සිරගත කර තිබීම පමනක් නොව ඔහුට එරෙහිව චෝදනා නගා ඇති සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුති (අයිසීසීපීආර්) පනතේ 3(1) වන වගන්තියට අදාල වන කිසිදු වරදක් ඔහු නොකර ඇතය යන්න සුවිශේෂ කරුනක් ලෙස සැලකිය යුතු බවත් ඒ අනුව ලේඛකයාට ඇප ලබා දෙන ලෙසත්ය.

කරුනු සලකා බැලූ අධිකරනය, රුපියල් ලක්ෂයක මුදල් ඇප, රුපියල් ලක්ෂ දෙක බැගින් ශරීර ඇප දෙකක් හා සෑම මසකම දෙවන හා සිව්වන සතියේ පොල්ගහවෙල පොලීසියට වාර්ථා කල යුතුය යන කොන්දේසි මත සත්කුමාරට ඇප නියම කලාය. ⁣කෙසේ නමුත් ඇප නියෝගය පොල්ගහවෙල මහේස්ත්‍රාත් උසාවියට ලැබෙනු ඇත්තේ හෙට දිනයේය.ඒ අනුව සාමාන්‍ය කාර්ය පටිපාටික ක්‍රියාවලීන් සම්පූර්න කර ලේඛකයාට අදාල ඇප මහෙස්ත්‍රාත් උසාවියේ බැඳ බන්ධනාගාරයෙන් නිදහස් කරගැනීම හෙට දිනයේදී සිදුවේද යන්න අවිනිශ්චිතය. සත්කුමාරට එරෙහි පොල්ගහවෙල මහෙස්ත්‍රාත් උසාවි නඩුව හෙට(06) කැඳවෙන්නේ ඔහුට එරෙහිව අධිචෝදනා ගොනුකරන්නේද යන්න පිලිබඳ නීතිපති උපදෙස් දැනුම්දීමටය.

යටත් විජිත නීතියක් වන දන්ඩ නීති සංග්‍රහයේ 291බී වගන්තියප හා අයිසීසීපීආර් පනතේ 3 වන වගන්තිය යටතේ පොල්ගහවෙල පොලීසිය පසුගිය අප්‍රේල් 01 දින සත්කුමාර ව අත්අඩංගුවට ගත්තේ අන්තවාදී බෞද්ධ සංස්ථාපිතයේ අවශ්‍යතාවයන් සන්සිඳුවීමටය

ලේඛක ශක්තික සත්කුමාරට අද කුරුනෑගල මහා අධිකරනය ඇප ලබා දුන්නේය.

සංජය විල්සන්

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article