Monday, February 24, 2025

වෙන්නප්පුව සති පොළේ ප්‍රශ්නයට තවමත් විසඳුමක් නෑ

Must read

වයඹ ටුඩේ වෙබ් අඩවිය විසින් පෙරවාරි 11 වන දා පළකළ ”වෙන්නප්පුව පොලේ වෙළෙඳුන් ට  ටෙන්ඩර්කරුවන්ගෙන් තර්ජන ” යන ප්‍රවෘත්තිය සම්බන්ධයෙන්  පොළේ  ටෙන්ඩරය පවරාගෙන ඇති  වෙළඳ සංගමයේ ලේකම් විසින් ටෙන්ඩර්කරුගේ පාර්ශවයෙන් කරුණු පැහැදිලි කිරීමක් සිදුකරන ලදී.  ඒම ප්‍රකාශය පහත පළ කර තිබේ.
ටෙන්ඩර්කකරුවන් සහ වෙළෙන්ඳන් අතර ඇතිවී ඇති මෙම   ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පසුගිය 11 වනදා වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේදී පැවැත්වුණ අතර මෙම අවස්ථාවට වෙන්.ප්‍රා සභාවේ ලේකම්වරයා , පුත්තලම පළාත් පාලන කොමසාරිස්වරිය නියෝජනය කරමින් නිලධාරියෙකු සහභාගී විය. ඒමෙන්ම වෙන්නප්පුව පොළේ වෙළාම් කරන සාමාජික සාමාජිකාවන්, වෙළඳු සංගමයේ නියෝජිතයන් හා වෙන්න්පුව ප්‍රා.සභාවේ හිටපු මන්ත්‍රී ( ජවිපෙ) ඇන්ටන් කුමාර මහතා ඇතුළු  පිරිසක් සහභාගි වූහ. ඒහිදී මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් දෙපාර්ශවයේම අදහස් ඉදිරිපත් කළ අතර මෙම ගැටළුවට විසඳුමක් දීමට පෙර පොළේ විමර්ශනයක් සිදුකළ යුතු බවට කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයා දැනුම් දී තිබේ. කෙසේ වෙතත් මේ වනතෙක් කොමසාරිස් කාර්යාලය හරහා විසඳුුුුුමක් ලබාදී නොමැත.

මෙම ගැටළුව සම්බන්ධයෙන් වෙන්නප්පුව ව්‍යාපාරික සංගමයේ ලේකම් සම්පත් තමෙල් සහ වෙන්න්පුව ප්‍රා.සභාවේ හිටපු මන්ත්‍රී ( ජවිපෙ) ඇන්ටන් කුමාර මහතාගෙන් සිදුකළ අදහස් විමසීමක් පහත පළකර තිබේ.

වෙන්නප්පුව ව්‍යාපාරික සංගම‌යේ ලේකම් - සම්පත්  තමෙල් මහතා

වෙන්නප්පුව ව්‍යාපාරික සංගම‌යේ ලේකම් – සම්පත් තමෙල් මහතා

2025 ජනවාරි මාසේ 1 වෙනිදා ඉදලා 2025 දෙසැම්බර් මාසේ 31 දක්වා වෙන්නප්පුව පොලේ බදු ගැනුම්කරු හැටියට අපි පොළ ටෙන්ඩර් ගනිද්දි යෝජනා කීපයක් ආවා. එකක් තමයි පොළ ඇතුලේ තියෙන ඩිස්පෙන්සරියට බෙහෙත් ගන්න යන්න බැහැ ඒ් නිසා දෙපැත්තේ පාරවල් හිස්කරලා  දෙන්න කියලා. පොලේ වෙළඳාම් කරන වෙළෙඳුන්  පාරවල් අනවශ්‍්‍ය විදිහට වහගෙන ඉන්නේ.

බදු ගිවිසුමට අදාළව ඒකඟතා වලට අනුව   වෙන්ප්පුවේ පොළේ වෙළෙඳුන්ට ඒ් දෙපස මාර්ගය අයිති නෑ.
මාර්ග නිදහස් කර දියු යුතුයි කියලා බදු ගිවිසුමේ තියෙනවා. ඒ් නිසා තමයි අපි දිගින් දිගටම පොලේ වෙළඳාාාම් කරන අයගෙන් ඉල්ලුවේ මාර්කට් ඒක ඇතුළේ  කඩ අරගෙන පාර නිදහස් කරන්න කියලා. ඒ්කට වෙළෙන්දෝ කැමති නෑ. ඒ් නිසා තමයි ඒදා  අපියි වෙළෙන්දොයි අතර උනුසුම් තත්ත්වයක් ඇති වුණේ. අපි ඔවුන්ට කිසිදු ආකාරයක තර්ජනයක් කළේ නැ. නමුත් ටෙන්ඩර් ගිවිසුම අනුව පාරේ වෙළඳාම් කරන්න ඒපා කියලා තමයි අපි කියන්නේ.

වෙන්නප්පුවේ සුපර් මාර්කට් එක තමයි පොළට ඉදිරියෙන් තියෙන්නේ.සුපර්මාර්කට් එකේ අවුරුදු ගණනක ඉදන් ව්‍යාපාර කරන අය.වෙන්නප්පුවේ පොළ දවසට තමයි එයාලටත් යම් ආදායමක් ලැබෙන දවස. එයාලාට ප්‍රෙව්ශයක් නෑ පොළ දවසට පාරවල් වහගෙන හැම තැනම බඩු විකුණනවා. වෙන්නප්පුවේ වෙළඳ සංගමයේ ඉන්නේ ,වෙන්නප්පුවේ නගර සීමාවේ ජීවත් වෙන පිරිස. පුරවැසියන්ගෙන් ඉල්ලිමක් තියෙනවා, පොළට එන වාහන වලට දැන් වාහන නවත්තන්න වෙන්නේ පල්ලිය වත්තේ හරි, ඉස්කෝල් සීමාවේ හරි නිසා එයාලට දුර වැඩියි කියන එක. කිලෝමීටර් භාගයක් විතර ඇවිදගෙන යන්න ඕනා  බඩු බෑග් එක අරගෙන. බඩු ටික අරගෙන පාරට ඒද්දි රුපියල් 300-400ක් ගෙවන්න ඔ්නා. දැන් වෙන්නප්පුවේ නගරයේ පාර අලුතින් හදලා තියෙන නිසා කාටවත් පොළ ඉස්සරහින් පොලට ඇතුල් වෙන්න බෑ. 

වෙන්නප්පුවේ වෙළඳ සංගමයේ ඉන්නේ ගමේ ඉන්න අය. පොළේ බඩූ විකුණන්න ඒන්නේ ගමේ අය නෙමේ. ඒයාලා දන්නේ නැ මේ පොළ කඩාවැටෙන්න හේතුව මොකක්ද කියලා.

පොළ දිනෙන් දින කඩාවැටෙනවා. ඒ්කට තවත් හේතු තියෙනවා. නගරයේ තවත් ඒළවලු කඩ ,සුපර්මාර්කට් ආදිය වැඩිවෙනවා. ඒ් නිසා අපි කියන්නේ පොළේ දෙපස තියෙන මාර්ග ටික නිදහස් කරලා , පොළ ටෙන්ඩරයට ගෙවලා තියෙන මුදලටත් සාධාරණයක් ඉෂ්ඨ කරගන්න පුලුවන්. පොළ පැවැත්වෙන දින දෙකේ රෝගීන්ට ඩිස්පෙන්සරියට යන්නත් පුලුවන්. මස් කඩ සහ මාලු කඩ වලට සහ සුපර්මාර්කට් ඒකේ අනිත් කඩ වලට යන්නත් පුලුවන්. කෝප් සිටියක් තියෙනවා පොළ ඇතුලේ. පොළ තියෙන දවස් වලට ඒ්කට යන්න විදිහකුත් නෑ. අපි පොළ ගන්න කලින් අපෙන් ගමේ අය ඉල්ලුවා මේ ස්ථාන ටික නිදහස් කරලා දෙනවද කියලා. ඒ් නිසා තමයි අපි  වෙළෙඳුන්ගෙන් ඉල්ලන්නේ ඇතුළේ කඩ වල වෙළාම් කරන්න පාරේ වෙළදාම් කරන්න ඒපා කියලා. ටෙන්ඩරයේ අපිට දීලා තියෙන කොන්දේසි මාලාව අනුව අපි ඒ් ආකාරයට වැඩකටයුතු කරගෙන ගියා.
පොළේ ටෙන්ඩරය ගත්ත දා ඉදලා වෙළෙන්ඳන් පොළ ඇතුලේ තියෙන හිස් කඩ වලට යන්න ඒකග වුනා.

කරවල දාලා තියෙන කොටසේ අඩි සියයක් දිග අඩි 25ක් පළල ශාලාවක් සම්පූර්ණයෙන්ම හිස්. ඒ් නිසා ප්ලාස්ටික් බඩු සහ වළං තියන් ඉන්න අයට අපි යෝජනා කලා , තැන් තැන් වල වෙළදාම් කරන්නැතුව ඒක තැනකට ඒන්න ,ඒතකොට පාරිභෝගිකයින්ටත් පහසුයි, වෙළාාමත් වැඩිවෙයි කියලා. රෙදි කඩ තියෙන අඩි සියයක් දිග අඩි 35 ක් දිග, ශාලා දෙකක්ම හිස්. රෙදි විකුණන අයට අපි යෝජනා කළා ඒයාලා ඒලියේ අරන් තියෙන මිළටම අපි ඇතුලේ දෙන්නම් ඒ් ගොඩනැගිලි තුළට යන්න කියලා. මොකද ඒයා ලා වෙළදාම් කරන්නේ පොළේ පාරේ ,ඉටිකොල ඒල්ලගෙන ලණු ඇදලා හරස්කරගෙන, ඒ්වා වාහන වලත් පැටලෙනවා. වහින දවස්වලට පොළට ඒන මිනිස්සුන්ගේ කුඩ පැටලෙනවා ඒ්වල. මේ සියලු ප්‍රශ්න විස‌ෙඳනවා හට් ඒක ඇතුළට ගිහින් වෙළදාම් කලාම.

හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඇන්ටන් කුමාර මහතා (ජවිපෙ)

මේ පොළ කාලයක් තිස්සේ ටෙන්ඩර් කෙරුවේ වෙන්නප්පුවේ ප්‍රා.සභාවෙන්.මේ අවුරුද්දේ ජනවාරි මාසෙ ඉදන් තමයි මේ ටෙන්ඩරය වෙනස් වෙලා තියෙන්නේ. බදු ගිවිසුමේ තියෙන ආකාරයට සති පොලේ නව සැලැස්ම සම්බන්ධයෙන් ප්‍රා.සභාව විසින් වෙළෙන්ඳුුුුුුුගෙන් අදහස් විමසීමක් සිදුකර නැහැ. ප්‍රාදේශීය සභාවට ආදායමක් උපයා දෙන ප්‍රධාන පාර්ශයක් තමයි මේ වෙළෙඳුුුන්. ටෙන්ඩරය ලබාගත් පාර්ශවය අලුත් සැලැස්මට අනුව පොළේ වෙළදුන්ව මාර්ගය දෙපසින් ඉවත් කරන්න හදනවා. නමුත් වෙළෙඳුන්ට ඇතුළේ ලොකු කඩ මිළදී ගන්න බැහැ.ඔවුන් වසර ගණනක් තිස්සේ පොළේ වෙළදාම් කරන අය.

ඉස්සර තිබුණ ක්‍රමය අනුව ටෙන්ඩරය ගත්තා කෙනා බදු මුදල ගෙවන්නේ අවුරුද්දකට වරක්. දැන් ඒ්ක වෙනස් වෙලා දැන් ටෙන්ඩර්කකරු මාසෙට වරක් ප්‍රා. සභාවට ගෙවිය යුතුයි. කවුරුන් හෝ වේවා ටෙන්ඩරය ගන්න පාර්ශවයට දරන්න පුලුවන් විදිහට තමයි මේක ගිවිසුම්ගත වෙන්න ඔ්නේ. නැත්නම් වෙන්නේ මේකේ පීඩනය වෙළෙන්දා මත පැටවෙනවා, ඊට පස්සේ දෙපාර්ශවය අතර ගැටුමක් ඇති වෙනවා. අනිත් කාරණය තමයි ටෙන්ඩරය පාඩු නම් හෝ පවත්වාගෙන යාමට නොහැකි නම් ගිවිසුම අනුව ටෙන්ඩරය ඔ්නම වෙලාවක අහෝසි කරන්න පුලුවන්.

මාලිමා රජයේ පළාත් පාලන ක්‍රමයක් යටතේ පොළ බද්ද අහෝසි වෙනවා. පොළ බද්දක් කියන ඒකක් නෑ. පොළ කරන්නේ ප්‍රා. සභාවෙන් ,බදු අය කරන්නෙත් නෑ. ඒ්කට හේතුව තමයි,පොළට බඩු ගන්න ඒන්නේ සාමාන්‍ය දුප්පත් ජනතාව. මේකට වෙළඳාම් කරන්න ඒන්නෙත් ඒදා වේල හෙයාගන්න මිනිස්සු. ඒ් නිසා තමයි පොළ බද්ද අහෝසි කිරීම මාලිමා රජයේ ප්‍රතිපත්තියක් හැටියට තිබෙන්නේ. මේ අතරමැදි සංක්‍රාන්ති කාලයේ තමයි මේ අලකලංචි ඔක්කොම වෙන්නේ. ඒම ක්‍රමය යටතේ වෙළෙන්ඳන්ට ගෙවන්න වෙන්නේ සුළු මුදලක්. ඒහෙම වුනාම ඔවුන්ට පාරිභෝගික ජනතාවට අඩු මිළකට ඒළවලු දෙන්න පුලුවන්. දැන් ඒළවලු මිළ සම්බන්ධයෙන් මිළ අධිකාරිය පවත්වාගෙන යන්නේ ඒක්තරා අතරමැදි පිරිසක්. ඒ් හෙතුවෙන් වෙළෙන්දුන්ටත් , සහන මිළකට බඩු දෙන්න බැහැ. ඉදිරියේදී අපි දෙන්න යන ආදර්ශය අනුව මේ දෙගොල්ලන්ටම සාධාරණයක් ඉටුවෙනවා.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article