පසුගිය අගොස්තු 20 දා වෙන්නප්පුව සිරිගම්පල ප්‍රදේශයේදී තරුණියන් දෙදෙනෙකු වෙන්නප්පුව පොලීසියේ රථවාහන අංශයේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාකරමින් ඔවුන්ට තර්ජනය කිරීමේ වරදට රක්ෂිත බන්ධනාගාරගත කරනු ලබු තිබුණි.
මාස කිපයක් රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටි මේ දෙදෙනා පසුව අවස්ථා දෙකකදි ඇප ලබාගෙන තිබුණි.
එකි නඩුව අද මාරවිල මහේත්‍රාත් අධිකරණයේදි යලි කැදවා තිබුණ අතර පොලිස් නිළධාරින් සියල්ල ඉදිරියේ වැද සමාව ගැනිමෙන් අනතුරුව නඩුව අවසන් කොට තිබුණි.
මෙසේ පොලිසියට බැන වදිමින් තර්ජනය කරමින් රාජකාරියට බාධා කොට තිබුණ දුලක්ෂි චමෝදි ප්‍රනාන්දු වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ එජාප මන්ත්‍රීවරියකද විය.
නිති විරෝධි මත්පැන් තොගයක් සමලින් ඇගේ පියාවද පසුගියදා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුනි.
වෙන්නප්පුවේදි පොලිසියට තග දැමු අක්කා නගෝ අධිකරණයේදි වැද සමාව ගනී ! නඩුව අවසන් !
