(10.58) කොට්ටුකච්චිය ජලාශයේ තෙප්පම් රැකියාවේ නිරත වී සිටි ධීවරයකු සිය ඔරුව පෙරළීමෙන් දියේ ගිලී ඇති බව එම ප්‍රෙද්ශයෙන් වාර්තා වේ. මෙම සිදුවීම සිදුවී ඇත්තේ පසුගිය 15 වනදා බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි. මියගොස් ඇත්තේ කොට්ටුකච්චිය 10 කණුව පදිංචි 65 හැවිරිදි ඇන්ටන් මයිකල් පෙරේරා නැමති සිව් දරු පියෙකි. මොහු කොට්ටුකච්චිය ජලාශයේ වසර 20 කට ආසන්න කාලයක් මසුන් මැරීමේ නිරත වූ අයෙක් බවත් ප්‍රෙද්ශයෙන් වාර්තා වේ.
විසි වසක් ජීවිකාව කළ ජලාශයටම තෙප්පම් ධිවරයෙකු බිලිවෙයි
