(11.19am) පසුගිය 15 වනදා ලංකාවේ ජාතික වන උද්‍යාන විවෘත කිරීමට රජය තීරණය කරන ලදී. ඒ අනුව විල්පත්තුව ජාතික වන උද්‍යාන විවෘත කිරීමට බලධාරීන් තීරණය කර තිබේ. විල්පත්තුව වන උද්‍යානයට ඇති එක් පිවිසුම් මාර්ගයක් වන එළුවන්කුලම පිවිසුම විවෘත නොකීරීමට වනජීවී දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. එයට හේතුව වන්නේ එළුවන්කුලම පවිසුම හරහා ඇති සපත්තු පාලමේ අභ්‍යන්තර ජල කාන්දුව නැවැත්වීමට තවමත් නිලධාරීන් පියවර නොගැනීමයි.
විල්පත්තුව ජාතික වන උද්‍යානයට පිවිසීම සදහා නොච්චියාගම පිවිසුමට අමතරව ,එළුවන්කුලම ප්‍රදේශයෙන්ද නව පිවිසුමක් ස්ථාපිත කිරීමට පසුගිය රජය කටයුතු කරන ලදී.