තම පෙම්වතියගේ ගෙළ කපා ඝාතනය කර ඇති තරුණයෙකු සිය දිවි හානි කර ගැනීම සදහා වස පානය කිරීම හේතුවෙන් ප්‍රතිකාර සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.
22 වැනිදා පෙරවරු 8.30 ට පමණ මාදම්පේ – ගල්මුරුව,තල්ගහකොටුව ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදුවී ඇත.
ඝාතනයට ලක්ව ඇත්තේ දුම්මලසූරිය – සූරිය උයන පදිංචිව සිටි ගම්ලත් රාළලාගේ නිසංසලා බණ්ඩාර (අවු:22) නම්වූ තරුණියකි.
මිය ගොස් ඇති තරුණිය මාදම්පේ – තල්ගහකොටුව ප්‍රදේශයේ කොහු අපනයනය කරන ස්ථානයක සේවය කරමින් සිට ඇත.
22 වැනිදා පෙරවරුවේ තම මාමා සමග යතුරු පැදියකන් සේවා ස්ථානය කරා යමින් සිටින විට අතර මග රැක සිට ඇති සැකකරු තියුණු ආයුධයකින් තරුණියගේ ගෙළ කපා ඝාතනය කර ඇත.
දරුණු ලෙස කැපුම් තුවාල ලබා සිටි තරුණිය එම අවස්ථාවේදීම ගල්මුරුව ප්‍රදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇත.නමුත් තරුණියගේ තත්ත්වය බරපතල බැවින් ඇයව හලාවත මහා රෝහලට පිටත් කර යැවීමට ගල්මුරුව රෝහලේ වෛද්‍යවරුන් කටයුතු කර ඇත.හලාවත මහා රෝහලට ඇතුළත් කරන විටත් ඇය මිය ගොස් සිට ඇත.
සැකකරුද වස පානය කර ඒ ආසන්නයේ ඇත ලදු කැලෑවක වැටී සිටින විට ප්‍රදේශවාසීන් විසින් හලාවත මහා රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.සැකකරු පොලිස් ආරක්ෂාව යටතේ හලාවත මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.සැකකරු මාදම්පේ – ගල්මුරුව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අයෙකි.
වසර 02 ක පමණ කාලයක් පැවති ප්‍රේම සම්බන්ධතාවය බිදී යාම හේතුවෙන් ඇති වූ සිත්තැවුල මෙම ඝාතනයට හේතුව බව පොලීසිය විසින් කරන ලද විමර්ශණ වලදී හෙලිවී ඇත.
හලාවත වැඩ බලන මහේස්ත්‍රාත් ශානක උදයංග මහතාද සිද්ධිය වූ ස්ථානයට පැමිණ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කරන ලදි.
මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
ජූඩ් සමන්ත.