Sunday, January 19, 2025

‘විදේශීය නැව් හරහා එන පුද්ගලයින්ට ගොඩබිමට ඒමට අවසර නෑ – ‘ – සනත් නිශාන්ත

Must read

sea

දික්ඕවිට වරාය තොටුපොලක් ලෙස භාවිතා කරන විදේශීකයින් සම්බන්ධයෙන් සොයා බැලීම සදහා විශේෂ වැඩ පිළිවෙලක් රජය විසින් ආරම්භ කිරීමට අදහස් කර ඇතැයි ධීවර හා මිරිදිය මත්ස්‍ය සම්පත් රාජ්‍ය ඇමති සනත් නිශාන්ත පෙරේරා මහතා පැවසීය.

මාදම්පේ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය ඇමතිවරයා මේ බව කියා සිටියේය.

ජාත්‍යන්තර මුහුදේ මසුන් මරණ විදේශීය නැව් මාළු ප්‍රතිඅපනයනය කිරීම සදහා මෙරටට පැමිනෙන බවත්,එම නැව් වල සේවය කරන විදේශිකයින් හරහා කොරෝනා වෛරසය මෙරටට ඇතුළු වීමේ අවදානමක් තිබීමට ඉඩ නොමැති දැයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න  වලට පිළිතුරු ලබා දෙමින් රාජ්‍ය ඇමතිවරයා මේ බව කියා සිටියේය.

තව දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමති සනත් නිශාන්ත පෙරේරා මහතා මෙසේද පැවසීය.

“අපේ රටේ තිබෙන දික්ඕවිට වරාය මේ වන විට තොටුපලක් ලෙස විදේශීය ධීවර යාත්‍රා විසින් භාවිතා කරනවා.විදේශීය ධීවර යාත්‍රා මෙම වරායට පැමිණ ඔවුන් විසින් මහ මුහුදේදී නෙළා ගන්නා මාළු ගොඩ බෑම සිදු කරනවා.එසේ පැමිනෙන නැව් වල සේවය කරන බොහෝ දෙනෙක් තායිවාන් ජාතිකයින්.එම නැව් වලට වරායට ඇතුළු වීමට ඉඩ තිබුනට ඒවායේ සේවය කරන කිසිවෙකුට මෙරටට ගොඩ බසින්න අවසර නැහැ.මන්ද ඒ සදහා ඔවුන්ට වීසා බලපත්‍ර නිකුත් කර නොමැති නිසා.නමුත් ඔවුන් සහ වරායේ සේවය කරන ශ්‍රී ලාංකිකයින් අතර සමීප සම්බන්ධතා පැවැත්වීමට ඉඩ කඩ තිබෙනවා.මේ සම්බන්ධයෙන් රජයක් ලෙස අපි අවදානය යොමු කර අවසන්.

ජනාධිපති සහ අගමැතිවරයා මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ දැඩි අවදානය යොමු කර තිබෙනවා.ඒ නිසා මේ සම්බන්ධ අනියත බියක් ඇති කර ගත යුතු නොවන බවයි මා විශ්වාස කරන්නේ”.

ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කිරීම තුළින්ද කොරෝනා වෛරසය මෙරටට ඇතුළු වීමට ඉඩ නොමැති දැයි මාධ්‍යවේදීන් මෙහිදී විමසා සිටියේය.ඊට පිළිතුරු දුන් රාජ්‍ය ඇමතිවරයා මෙසේ පැවසීය.

“ඉන්දියාව සහ ශ්‍රී ලංකාව තිබෙන්නේ බොහෝම දුරින්. නමුත් ඉද හිට ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරන බවම අපි දන්නවා.මේ වන විට නාවුක හමුදාට රජයක් ලෙස උපදෙස් ලබා දී තිබෙන්නේ කුමන හේතුවක් නිසා හෝ ඉන්දීය ධීවරයින්ට මෙරට මුහුදු සීමාවට ඇතුළු වීමට ඉඩ නොතබන ලෙසයි.”


ජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article