රජයේ තීරණය ඇමැති බන්දුල දැනුම් දෙයි
වීසා බලපත්‍රය හෝ ගිවිසුම්ගත රැකියා කාලසීමාව අවසන්ව මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සියලුදෙනා කඩිනමින් ගෙන්වා ගැනීමට රජය තීරණය කර තිබේ.ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරමින් සිටින බව දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
විදේශගතව සිටින ශ්‍රමිකයන්හට කිසියම් ප්‍රශ්නයක් තිබෙනව නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ස්ථාපිත කර ඇති 1989 විශේෂිත දුරකථන අංකයෙන් එතෙර සිටින ශ්‍රමිකයන්ට පැය විසි හතරෙම දැනුම් දීමට පුළුවන් යැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තුමේන්තුවේ ඊයේ (01) පැවැති මාධ්‍ය හමුවේදී ඇමතිවරයා පවසන ලදී.
මෙරට පුද්ගලයන් ලක්ෂ දාහතකට වැඩි පිරිසක් විදෙස් ශ්‍රමිකයන් ලෙස සේවය කරමින් සිටින බවත් කොරෝනා වෛරසය හේතුවෙන් ඔවුන්ගේ රැකියාවලට හා වැටුප් ගෙවීම් සම්බන්ධව ඇති වී තිබෙන ගැටුළු සම්බන්ධයෙන් විදෙස් දූත මණ්ඩල සමඟ අඛණ්ඩව සාකච්ඡාවල නිරතවෙමින් සිටින බවත් දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයා දැනුම් දුන් බව හෙතෙස කියා සිටියේය.
ඔබ සියලුදෙනා දන්නා පරිදි කොරෝනා වසංගතයෙන් ජනතාවගේ ජීවිත බෙරා ගැනීම සඳහා ජාතික ප්‍රමුඛතාවය ඇති වගකීම ලෙස කටයුතු කරන නිසා නිදහස් වෙළෙඳ කලාප වලවත් ඉන් පිටතත් වෙළෙඳ කලාප වසා දමා තිබෙනවා.නමුත් ඒ වසා දාමා තිබෙන කර්මාන්ත ශාල තුළ සේවකයන් ඉවත් කිරීම හා වැටුප් නොගෙවීම හෝ වැටුප් ගෙවීම් සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටුළු සම්බන්ධව කම්කරු නිපුණතා සංවර්ධන හා විදේශ සම්බන්ධතා ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා.
අපේ රටේ වැඩ කරන ජනතාවට, යම් කිසි රැකියාවක් කරන පාර්ශවයකට තමන්ගේ රැකියාව, ජීවනෝපාය ගැන මතුවෙලා තිබෙන ගැටුළු පිළිබඳව කම්කරු දෙපාර්තුමේන්තුවේ විශේෂ වෙබ් පිටුවකට ගමන්කර තමන්ගේ දුක්ක දොම්මනස්සයන් කියන්න අවශ්‍ය විධිවිධාන සලස්වලා තිබෙනවා.
ඉදිරි කාලය තුළදි ඇතිවෙන සේවා වියුක්තිය සම්බන්ධ ගැටළු ආදායම් මාර්ග, වැටුප් හා අනෙකුත් ප්‍රශ්න ගැන නිරන්තරයේන දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයාගේ උපදෙස් මත කම්කරු දෙපාර්තුමේන්තුව වැඩකරන ජනතාවගේ පැත්තේ හිටගෙන දෙන්න පුළුවන් සහන ලබාදෙන්න, මැදිහත් වෙන්න ක්‍රියාකරන බව දැනුම් දෙන්න කටයුතු කරමින් ඉන්නවා.
උපුටාගැනිම – දිණමින