පසුගිය දින දෙක පුරා කුරුණෑගල දිස්ත්රික්කයේ ප්රදේශ ගණනාවකට ඇදහැලෙමින් තිබෙන අනපේක්ෂිත වර්ෂාව මහ මහමැතිවරණ ඡන්ද විමසීමට බාධාකරනු බවට වූ පෙර සලකුණු මේ වන විට පහළවෙමින් තිබේ.
කුරුණෑගල දිස්ත්රික්කයේ ප්රදේශ ගණනාවකට ඊයේ රාත්රියේදීත් ධාරානිපාත වර්ෂාවක් ඇදහැලූණු අතර ඒ හේතුවෙන් ඇතැම් මාර්ග යටවී ගොස් සුඵ ගංවතුර තත්වයන් පවා ඇති විය.
මේ සටහන ලියැවෙන මොහොතේ පවා කුරුණෑගල දිස්ත්රික්කයේ බොහෝ ස්ථානයන්හි අහස කඵ වලාකුලූවලින් බර වී තිබේ.
කෙසේවෙතත් පසුගිය දින දෙකේදීම වර්ෂාව ආරම්භ වූයේ පස්වරු කාලයේ බැවින් අද දිනයේදීත් උදෑසන වරුව උපේක්ෂාවෙන් ඉවසා සිටීමට තරම් වැස්ස වලාහක දෙවියන් කාරුණික වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.
එබැවින් ඔබගේ සියඵ දෛනික කටයුතු පැයකට, දෙකකට කල් දමා උදෑසනින්ම ඡන්දපොළ වෙත ගොස් ඔබගේ ඡන්දය පාචිච්චි කරන්නැයි කුරුණෑගල දිස්ත්රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් දොළොස්ලක්ෂ හැට හයදහස් හාරසිය හතළිස්දෙනාගෙන් ‘වයඹ ටුඩේ ‘ වෙබ් අඩවිය කාරුණිකව ඉල්ලා සිටී.
ඔබේ විනාඩි දෙක තුනක පමාව, එළැඹෙන පස්වසරක් තිස්සේ වැස්සට ශාපකරමින් සිටීමේ අවාසනාවන්ත ඉරණමකට පවා මගපෑදීමකට ඇතැම්විට ඉඩ තිබේ.
පහත දැක්වෙන්නේ ඊයේ රාත්රියේදී ඇදහැලූණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් යට වී ගොස් තිබූ දොඩම්ගස්ලන්ද ප්රදේශයේ ග්රාමීය මාර්ගයකි.