
වයඹ පළාත් ගුරු සේවය සදහා උපාධිධාරීන් 1200 දෙනෙකු බදවාගැනීම වෙනුවෙන් වයඹ පළාත් සභාවේ මැති ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයක් කුරුණෑගල, වයඹ රාජකීය විද්‍යාලයේදී ඊයේ ( 04 දා) පැවැත්විණි. එම උත්සවයට සහභාගි වූ රොහාන් සේනාධීර මහතා තමන් මුහුණදුන් අත්දැකීමක් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහන් කර තිබිණි.
නම නොදන්නවා වුනත්, මම නුඹට ආදරෙයි ..!
මේක උනේ ඊයේ හවස 4.10 විතර.ඊයේ කුරුණෑගල රාජකීය විද්‍යාලයේ පැවතී ගුරු පත්වීම් ප්‍රධානෝත්සවයට මගේ බිරිඳත් සුදුසුකම් ලබලා තිබුන නිසා මාත් ගියා. පත්වීම් ගන්න අයට ශාලාවේ ඇතුලෙත් ගෙවල් වලින් ආපු අයට එළියේ පොඩි හට් එකකුත් තිබ්බා.උත්සවය පටන් ගන්නකොටම ඉඩ මදි නිසා මම වගේම ගොඩක් මිනිස්සු එළියේ ඉන්නකොට ජාතික ගීය වාදනය කරන්න පටන් ගත්තා. ඔක්කොම සීරුවෙන්.එකපාරටම මහා වැස්සක් ආවා. සෙට් එකක් හෝල් එක ඇතුලට පැන්නා (මමත් එක්කම). අනිත් අය එළියේ පොඩි හට් එකට පැන්නා.ආයෙමත් මම සීරුවෙන් ඉන්න හදනකොට තමයි මේක දැක්කේ.
සිංහලෙන් යන ජාතික ගීයට මුස්ලිම් ගැනියෙක් වැස්සේ තෙමි තෙමී සීරුවෙන් ඉන්නවා…
(ෆොටෝ එක ගත්තෙත් මම. වීඩියෝ කරේ නැත්තේ හරි මදි නිසා.අහන් නැතිව ෆොටෝ එක දැම්මට සොරි.)
බොහොම ස්තුතියි.

