වැල්ලව පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපති ලෙස සේවය කරමින් සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එම්. අනුර ගුණවර්ධන මහතා පුත්තලම මුලස්ථාන පොලීසියේ නව මුලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස පසුගියදා වැඩ භාර ගත්තේය.
අලව්ව රාහුල ජාතික පාසලෙන් මූලික අධ්‍යාපනය හදාරා ඇති ඒ මහතා 1997පෙබරවාරි 15 වැනි දින උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් දෙපාර්තුමේන්තුවට එක්වීමෙන් අනතුරුව වව්නියාව , කන්කසන්තුරේ , රත්ගම ඇතුළු පොලිස් ස්ථාන රැසක සේවය කර තිබේ.
ගිරිඋල්ල පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසද කලක් සේවය කළ අනුර ගුණවර්ධන මහතා මීට වසර කිහිපයකට පෙර වැල්ලව පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පත් වී ආවේය.
පුත්තලම මුලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස සේවය කරමින් සිටි එච්.කේ. සුමනසේන මහතා හෘදයාබාධයක් හේතුවෙන් හදිසියේ ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන් එම තනතුර මාස කිහිපයක් තිස්සේ පුරප්පාඩු වී පැවැතිණි.
වැල්ලව පොලිස් ස්ථානය සහ අනුර ගුණවර්ධන මහතාගේ සේවා කාලය සමග බැදී පවතින සුවිශේෂි සිදුවීම් කිහිපයක් වන අතර ඒ පිළිබද ලිපියක් ඉදිරිපැය කිහිපයේදී අප වෙබ් අඩවියෙහි පළවනු ඇත.
දක්ෂ සහ සුහදශීලී පොලිස් නිලධාරියෙකු ලෙස මෙන්ම සමීප මාධ්‍ය මිත්‍රයෙකු ලෙසද නමක් දිනා සිටින අනුර ගුණවර්ධන මහතාගේ නව තනතුරෙහි රාජකාරී කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා යැයි වයඹ ටුඩේ වෙබ් අඩවියේ අපි සුභ ප්‍රාර්ථනා කරමු. !