දිනෙන් දින ඉහළ යමින් පවතින අත්‍යාවශ්‍ය පාර්භොගික භාණ්ඩ මිල හේතු කොට ගෙන ජනතාව මුහුණ දෙන ගැටළු වලට විසදුම් ලබා දෙන ලෙසට ඉල්ලමින් වහාම එම ආහාර ද්‍රව්‍ය මිල පහත දමන ලෙසට ඉල්ලි විරෝධාතාවක් අද ( 18 දා ) පස්වරු හලාවත නගරයේ ඔරලෝසු කණුව අසල දි පැවැත්විණි. ජාතික ජනබල වේගයේ පුත්තලම දිස්ත්‍රික් සංවිධානය විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි. ඊට එම ජනබලවේගයේ පුත්තලම දිසාවට තරග වැදි සැටින අපේක්ෂකයින් මෙන්ම හිතවතුන්ද එක්ව සිටියහ. කුස්සියට බදු ගහන ආණ්ඩුව පරාජය කරමු පරිප්පු 160යි සැමන් 240යි මෙවන් ආණ්ඩුවක් පලවා හරිමු. යනුවෙන් සදහන් පෝස්ටර් අතැතිව විරෝධතාකරුවන් බඩු මිල ඉහල යාම කෙරෙහි සිය විරෝධතාව පල කළහ.මේ එම අවස්ථාවයි.
හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු