Saturday, January 18, 2025

වාර්ගික පදනමින් ක්‍රියා කළ මාරවිල නීතිඥ සංගමයට චෝදනා

Must read

(12.24pm) අප්‍රියෙල් 21 වැනිදා සිදුවූ පාස්කු ප්‍රහාරයෙන් පසු  මාරවිල,කොට්ටරාමුල්ල යන ප්‍රදේශ වල වාර්ගික පදනමින් ගැටුම් සිදුවූයේ මැයි 13 වනදායි.  මෙම ගැටුම්  සම්බන්ධයෙන් සිංහල ජාතිය මත පදනම් වෙමින් නීතිඥ වෘත්තිය තුළ කටයුතු කළ බවට මාරවිල නීතිඥ සංගමයට මේ වනවිට චෝදනා එල්ල වී තිඛේ. මුස්ලිම් විරෝධි ආකාරයෙන් කටයුතු කළ නිතිඥවරු සම්බන්ධයෙන් සොයා බලන ලෙස මානව හිමිකම් කොමිසමේ සභාපතිනි ආචාර්ය දිපිකා උඩුගමගේ විසින් නීතිඥ සංගමයේ සභාපතිවරයාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඉල්ලා ඇත.
මේ සම්බන්ධයෙන් www.ceylonnews.lk  වෙබ් අඩවියේ  වැඩිදරටත් සදහන් කර ඇත්තේ මෙසේය

මුස්ලිම් සැකකරුවන් වෙනුවෙන් පෙනී හිඳීම ප්‍රතික්ෂේප කිරීමේත්, තවත් පිරිසක් ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් සැක කෙරෙන කණ්ඩායමකට ඇප නොදීමට එරෙහිව විරෝධතා පැවැත්වීමේත් “වෘත්තියට නොගැලපෙන, ආචාරධර්ම විරෝධී” චර්යාවක නිරත වී ඇති බව මානව හිමිකම් කොමිසම විසින් නීතිඥ සංගමයේ සභාපති කාලිංග ඉන්දතිස්සට ලිඛිතව පැමිණිලි කර ඇත.

“අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අත් අඩංගුවට ගන්නා ලද මුස්ලිම් ජාතිකයන් හය දෙනකු වෙනුවෙන් පෙනී හිඳීම මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට නිතිපතා සහභාගි වන නීතිඥයන් විසින් ප්‍රතික්ෂේප කිරීම එක අවස්ථාවක් ලෙස දැක්විය හැකියැ,” යි කොමිසමේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම විසින් යවන ලද ලිපියක සඳහන් වෙයි.

“ඇත්ත වශයෙන්ම, ඇප ඉල්ලා සිටීමේ සීමිත කටයුත්තට (මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥයකුගේ ඉතා සාමාන්‍ය රාජකාරිය) පෙනී හිඳීමට පිටතින් පැමිණි නීතිඥවරියක් එකඟ වූ අවස්ථාවේ, නිතිපතා එන නීතිඥයන් ඇයට බරපතල ලෙස එදිරිවාදිකම් පා තිබේ. ඉතිරි සැකකරුවන් දෙදෙනා (හතර දෙනකු නිදහස් කරන ලදී) වෙනුවෙන් පෙනී සිටින්නේ සාමාන්‍යයෙන් මාරවිල අධිකරණයේ රාජකාරි නොකරන නීතිඥවරුන් විසිනි.”
උපුටා ගැනීම  / www.ceylonnews.lk

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article