Saturday, January 18, 2025

” වසා දමා ඇති වාට්ටු යළි විවෘත කිරීමට ඉක්මන් පියවර ගන්නවා ” – පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා

Must read

Untitled-1

මාරවිල මූලික රෝහලේ දැනට වසා දමා ඇති වාට්ටු 04 හි කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.  මාරවිල මූලික රෝහලේ සේවය කරන කාර්ය මණ්ඩලය අතරින් කොවිඩ් ආසාධිතයින් වාර්තා වීම හේතුවෙන් එම රෝහලේ වාට්ටු 04 ක් සහ දැඩි සත්කාර ඒකකය තාවකාලිකව වසා දැමීමට පාලනාධිකාරිය කටයුතු කරන ලදි. ඒ අනුව දැඩි සත්කාර ඒකකය,හදිසි අනතුරු වාට්ටු 02 ක් සහ ගැබිණි වාට්ටු 02 ක් මේ වන විට වසා දමා ඇත.

මාරවිල මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවය කරන හෙද නිලධාරීණියන් දෙදෙනෙකු කොවිඩ් ආසාධිතයින් බවට පසුගිය සතියේ වාර්තා විය.අනතුරුව රෝහලේ කාර්ය මණ්ඩලය පී.සී.ආර්.පරීක්ෂණයන් සදහා යොමු කිරීමට කටයුතු කර තිබුණි.පසුගිය 16 වැනිදා පෙරවරුව වන විට වෛද්‍යවරුන් 05 දෙනෙකු ඇතුළු 20 දෙනෙකු කොවිඩ් ආසාධිතයින් බවට හදුනා ගෙන ඇත. 16 වැනිදා සවස වන විට එම සංඛාව 29 දක්වා ඉහළ ගොස් තිබුණි.17 වැනිදා පෙරවරුව වන විට මාරවිල මූලික රෝහලේ කාර්ය මණ්ඩලයේ 31 දෙනෙකු කොවිඩ් ආසාධිතයින් බවට හදුනා ගෙන ඇත.හදුනා ගෙන ඇති ආසාධිතයින් අතර වෛද්‍යවරුන් 08 දෙනෙකුද වේ.

මෙම තත්ත්වය නිසා මාරවිල මූලික රෝහලට රැගෙන එන හදිසි රෝගීන් සහ ගැබිණි මව්වරුන් හලාවත මහා රෝහලට මාරු කිරීමට කටයුතු කර ඇත.

මාරවිල මූලික රෝහලේ අනෙකුත් වාට්ටු වල දැනට නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ව පී.සී.ආර්.පරීක්ෂණයන් සදහා යොමු කිරීමටද කටයුතු කර ඇති බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.

 


ජුඩ් සමන්ත.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article