Saturday, January 18, 2025

වසර 10 ක් තිස්සේ කොළමුණ පාර අබලන්

Must read

12(2)  01(2)

බිංගිරියේ සිට ඌරාපොත්ත හරහා මෙළඑළිය දක්වා ඇති මාර්ගයේ තිබෙන කොළමුණුඔය පාලම අබලන් වී වසර 10 කට වැඩි කාලයක් ගතවී ඇතත් එය ප්‍රතිසංස්කරණය කිරීමට වගකිව යුත්තන් මෙතෙක් පියවරක් ගෙන නොමැත.

බිංගිරියේ සිට වීරපොකුණ,තිස්සෝගම,ගඩොල්වක,ගල්වැව සහ මොලඑළිය යන ගම්මාන වලට ගමන් කළ හැකි කෙටි මාර්ගය වැටී ඇත්තේ මෙම පාලම මතිනි.

පලමේ ආරක්ෂිත වැටවල් දිරා පත්වීම නිසා තාවකාලිකව උණ බම්බු යොදා ගෙන ඇතත් ඒවාද මේ වන විට දිරා පත්වී ඇත.වසර කීපයකට පෙර පාලමේ එක් පැති බැම්මක් ගිලා බැසීමක් සිදු විය.එම තත්ත්වය පාලනය කිරීම සදහා බැරල් යොදා ගැනීමට එම අවස්ථාවේදී කටයුතු කර ඇත.එම බැරල්ද මේ වන විට දිරා පත්වී ඇති ඇති අතර,ඇතැම් බැරල් කොළමුණුඔයට කඩා වැටී ඇති බවක්ද දක්නට ඇත.පාලමේ කොටස් රැසක් දිරා පත්වීම නිසා අනතුරක් අත ළග පවතින බව ප්‍රදේශවාසීන් කියයි.

මෙම පාලම මතින් ගමන් කරමින් තිබූ අත් ට්‍රැක්ටරයක් එක් අවස්ථාවක කොළමුණුඔයට පෙරළී ඇත.ඒ ආරක්ෂිත වැටවල් දිරා පත් වී තිබීම නිසාය.

පාලම අබලන් වීම නිසා හලාවත සිට ඌරාපොත්ත හරහා මොළඑළිය දක්වා ගමන් කළ බස් රථයද වසර කීපයක සිට නවතා දමා ඇත.මෙම තත්ත්වය නිසා තමන් දැඩි ප්‍රවාහන දුෂ්කර තාවයකට පත්ව සිටින බවද ප්‍රදේශවාසීන් කියයි.

ඉදිරියේදී වැසි ඇති වුවහොත් අනිවාර්යෙන්ම මෙම පාලමට අනතුරක් වීමට ඉඩ ඇති බවත්,එසේ වුවහොත් ඌරාපොත්ත ඇතුළු ගම්මාන රැසක ජනතාවට ගමනා ගමන කටයුතු වලට බාධා එල්ල වන බවද   එම ප්‍රදේශවාසීන් කියයි.01(2) 05(2) 06(1) 12(2)


ජුඩ් සමන්ත

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article