‘ඉස්සර අපේ ගම්වලට අලි ආවේ රෑට විතරයි. දැන් මහා දවාලෙත් අලි, කොටින්ම කිවොත් අලියි මිනිස්සුයි එකම තැනක ගාල් කරලා. මේ අලි වැටෙන් අපට සිද්ධ වුණේ කබලෙන් ළිපට වැටුණා වගේ වැඩක්. මෙහෙම දේවල් කොහේවත් සිද්ධ වෙලා නැතුව ඇති.’ (එච්.බී. කමලාවතී මහත්මිය)
‘ඊයේ උදේ හතට අලියා පාරට එද්දී ළමයි කට්ටියක් ස්කෝලේ යනවා. ඒ ළමයි බයිසිකල් ටික පාරේම දාලා පාර ළග ගෙවල් වලට දිව්වා. සමහර ළමයි පාර දිගේ දිව්වා. අලියා එලෙව්වේ 9.30ට විතර වනජීවීයෙන් ඇවිත්. එදා මේ ගමේ ළමයි ගොඩක් දෙනෙකුට ස්කෝලේ යන්න බැරි වුණා. මේක දැන් සතියට දෙතුන් වතාව වෙනවා. පාරෙ හිටපු අලි ළමයි පස්සේ එළවලත් තියෙනවා’ (බී.එම්.නන්දසේන මහතා)
‘ඊයේ උදේ වරුවෙම ස්කෝලේ වත්තට පැනපු දළකොටා එළෙව්වා. ඌ ඊට පස්සේ පැන්නේ එහා ගමට. දවස පුරාම අලිත් එක්ක හැප්පෙන්න වෙලා. මේ අලිවැට ගැහැව්වේ අලි ගම් මැද්දට දාලා, වදින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටිලයි අපි දැන් ඉන්නේ’ (ආර්.එම්. රත්නායක මහතා)
තරගයට මෙන් මේ ‘අලි අවනඩුව’ ඇසෙන්නේ ගල්ගමුවෙනි. එදා වේල සොයා වල් අලින් ගම් වැදෙද්දී එයට විසදුම් ලෙස ඉදිවූ අලිවැට නිසා ගල්ගමුවේ ජනතාවට මාස තුනකට අධික කාලයක් තිස්සේ අලූතින් අත්විඳින්නට සිදුව ඇති වින්නැහියේ තරම ඒ කතාවලින් කදිමට පිළිබිඹු වෙයි.
කලක පටන් ගල්ගමුවේ අලි මිනිස් ගැටුම කෙතරම් වාරයක් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය වූයේද යත්, ගම ගල්ගමුවේ යැයි කී විට, ‘හරියට අලි නේදැයි’ පෙරළා විමසනු ලැබීම ගල්ගමු වාසීන්ට සුලබ අත්දැකීමකි.
අලි – මිනිස් ගාල
වල්අලි ගම් වැදීමට පිළියමක් ලෙස වයඹ වනජීවී කලාපය ආවරණය වන පරිදි කිලෝමීටර 155ක් දිගින් යුත් අලිවැටක් රුපියල් ලක්ෂ 35ක වියදමින් ඉදිකිරීම ඇඹුණේ 2013 වසරේදීය. එසේ ඉදිකෙරුණු අලිවැට නිසා අලි තර්ජනයෙන් ගැළවෙනු වෙනුවට දිවා රෑ වෙනසක් නැතිවම වන අලි හා ගැටෙන්නට ගල්ගමුවේ ජනතාවට සිදු වී තිබේ.
මේ පිළිබද ජනතාව අත දිගු කරන්නේ නිලධාරින්ටය, නිලධාරීන් අත දිගු කරන්නේ ජනතාවටය. ප‍්‍රදේශයේ දේශපාලන බලධාරීන් මේ දෙපාර්ශ්වයම අතර ගොඵ වී බලා සිටින්නේ ඔවුන්ට මෙවැනි ගැටලූ වැදගත් වන්නේ මැතිවරණ සමයක පමණක් වන නිසාය.
නිරන්තරයෙන් බලධාරීන් හා නිලධාරීන් සමග ගැටෙමින් මේ ගැටලූවට විසඳුමක් ලබාගැනීමට ක‍්‍රියාකරන මහවැලි ගොවි සංවිධානයේ සභාපති ගුණපාල නවරත්න මහතා, මේ වන විට ජනතාවට අත්විදීමට සිදුව ඇති දැඩි දුෂ්කරතා පිළිබදව මෙසේ විස්තර කළේය.
‘‘අලි වැට අපට තිබුණු කරදරේ තුන් හතර ගුණයකින් වැඩි කළා. දෙයියනේ කියලා ඉස්සර අලි ගමට ආවේ රෑට විතරයි. දැන් මහ දවාලෙත් අලි. මේ අලිවැට කිසිම ප‍්‍රමිතියකට හදලා නැහැ. රැස්වෙහෙර බෝගස්වැව පැත්තෙන් අලිවැට ගහලා තියෙන්නේ අලිමංකඩක් හරහා. අද ඊයෙක නෙමේ, අපේ අත්තලා මුත්තලා කාලේ ඉදන් එතනින් තමයි කහල්ල රක්ෂිතයට අලි මාරු වුණේ. එතැන වහලා ඊට කිලෝමීටරයක් විතර එහායින් තමයි අලින්ට මාරුවෙන්න කපොල්ල දාල තියෙන්නෙ. අලි එතනින් මාරු වෙන්නේ නැහැ. බෝගස්වැව, රැස්වෙහෙර, පොතාන ගම්මාන ගන්න දෙයක් නැහැ. වත්තක පොල් ගහක්වත් නැහැ මහ දවාලෙත් අලි.’’
‘‘සමහර තැන්වලදී අලිවැටට දාලා තියෙන් බැටරි වල බලය මදි. ඒකෙන් එන විදුලි ප‍්‍රමාණය අලියට මදි. ඒවා බලධාරීන්ට කිව්වාට වැඩක් නැහැ. දැන් වැරැද්ද පටවන්නේ මීගලෑවෙ මිනිසුන්ටයි, සංගප්පාලේ මිනිසුන්ටයි. ඒ මිනිස්සු විරුද්ධ නිසා අලිවැට වැඩ ඉවර කරන්න වෙන්නැහැ කියලා. නිලධාරීන්ට බලය තියෙනවා, ඇයි පාවිච්චි නොකරන්නේ? විරුද්ධ වෙන අයගේ ඉඩම් රජයේ රක්ෂිත නම්, ඇයි බලය පාවිච්චි නොකර බලා ඉන්නේ? මෙතන නිලධාරීන්ට ඕනේ සමහරු රැක ගන්න. කිහිප දෙනෙක් රකින්න ගිහින් ඇයි අපිව අමාරවේ දාන්නේ?
‘පස් වතාවක් ගමට ගියා’
ගල්ගමුවේ ජනතාවගේ චෝදනා අපි ගල්ගමුව ප‍්‍රාදේශිය ලේකම් ප‍්‍රියංගිකා පතිරාජ මහත්මියගෙන් විමසූ විට ඇය මෙසේ පැවසුවාය.
‘‘අලිවැටේ ඉතා සුඵ ප‍්‍රමාණයක් ඉතිරි වෙලා තියෙනවා. ඒ සංගප්පාලය ප‍්‍රදේශයේ. ඒ ගමේ අනවසර කුඹුරු අක්කර 150ක අයිතිකාරයෝ අලිවැට ගහන්න දෙන්නේ නැහැ. මං නිලධාරීන් එක්ක පස් වතාවක් ඒ ගමට ගිහින් සාකච්ඡා කළා ඒ අයට තමන්ගේ කුඹුරු ඉඩම් වලට යන්න ගේට්ටුවක් දෙන්න අපි කැමති වුණත් ඒ අය පිළිගන්නේ නැහැ. ඒ නිසා තමා මේ ගැටලූ ඇතිවෙලා තියෙන්නේ. දහවල් කාලයෙත් ගම්වල අලි ඉන්නව කියන එක ඇත්ත. අපි අලි එළවන මෙහෙයුම ළගදීම පටන් ගන්නවා. මේ විදිහට මේ ප‍්‍රශ්නේ දුර දිග යන්නේ ජනතාවගේ වරදින්. අපට නිතිරීති වලට පිටින් කටයුතු කරන්න බැහැ. මිනිස්සු තේරුම් නොගෙන චෝදනා කරනවා.’’
අලි පන්නන්න කෝටි 21ක්
වයඹ වනජීවී කලාපයේ උද්ගතව ඇති වල්අලි මිනිස් ගැටුම පිළිබද වනජීවී හා වන රක්ෂණ අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරා මහතාගෙන් විමසීමක් කළෙමු.
‘‘ගල්ගමුවේ වල්අලි ගැටලූව අද ඊයෙක තිබුණ එකක් නෙමේ. අලිවැටත් බාලගිරි දෝෂයක් වෙලා තිබිලා එකෙන් බේරාගන්නකොට ජනතාව විරුද්ධයි. ජනතාව තේරුම් ගන්න ඕනේ මේ ගැටලූව. අලිවැට නිසා දැන් දවාලෙත් අලි කියන එකට තමා අපි කෝටි 21ක් වෙන් කරලා අලි පන්නන්න හදන්නේ. ජනතාවට ඉවසීමක් තියෙන්න ඕනේ මේ දේවල් ඉවර කරනකම්.
ගැටුමේ සුලමුල
ගල්ගමුව ඉතා ඈත අතීතයේ පටන්ම ව්‍යවහාර වන්නේ හත්කෝරලය නමිනි. එදා මෙදාතුර මේ ප‍්‍රදේශයේ වැසියන්ගේ ජීවනෝපාය වී ඇත්තේ රට බත බුලතින් සශ‍්‍රීක කිරීමේ කාර්යයයි. ඒ සඳහා ගල්ගමුවේ මිනිසුන් අහස පොළොව සමග අදද කරන්නේ මහා අරගලයකි. මහවැලි සංවර්ධන ව්‍යාපාරය , පාඵකඩවල වාරි ව්‍යාපාරය, හා ඉගිණිමිටිය වාරි ව්‍යාපාර ඒ අරගලය පෝෂණය කරයි. ගල්ගමුවේ මිනිසුන්ගේ කෙත් බිම් මෙන්ම ජීවිතද අනතුරේ හෙළමින් මිනිස්-වල්අලි ගැටුම ආරම්භ වීමට ප‍්‍රධාන හේතුව ලෙස හදුනා ගත හැක්කේ මීගලෑව මහවැලි කොට්ඨාශයේ මහවැලි ජනපදිකයින් දෙවැනි හා තෙවැනි පරම්පරාව සිදුකළ, වල් අලින්ගේ වාසස්ථාන භූමි ආක‍්‍රමණයයි. ඔවුන්ට ජීවත්වීමට හා වගා කිරීමට බිම් සොයා වල් අලින්ගේ ස්වභාවික වනපෙත් ආක‍්‍රමණය කිරීමත් සමග 1993 තරම් මෑත ඉතිහාසයේදී ගල්ගමුවේ අලි මිනිස් ගැටුම ආරම්භ විය.
1997 වසරේ ප‍්‍රථම වරට ගල්ගමුව ප‍්‍රදේශයට අලිවැටක් යෝජනා වන අතර එය පොතට පමණක් සීමා වන්නේ ගල්ගමුවේ ජනතාව ඊට තිබූ විරෝධය හේතුවෙනි. එල අලිවැටක් යනු කුමක්දැයි නොදත් ගැමියන් තම හේන් වගා බිම් අහිමි වේ යයි බියෙන් එයට විරුද්ධත්වය ප‍්‍රකාශ කර ඇත.
ඉන් වසර 6 කට පසු ගල්ගමුවේ අලි වැටක් යළි කරළියට පැමිණෙන අතර එවරද එය පුස්සක් බවට පත්වන්නේ ප‍්‍රදේශයේ දේශපාලන බලයේ අනුහසින් රජයේ වන රක්ෂිත බිම් ව්‍යාජ ඔප්පු මගින් පවරාගෙන සිටින මහා පරිමාණ වගා කරුවන්ගේ විරෝධතාව නිසාවෙනි.
විටෙක මිනිස් ජීවිත වල්අලින්ට ද තවත් විටෙක වල් අලින්ගේ ජීවිත ගල්ගමුවේ මිනිසුන්ටද බිලිවෙමින් දිනෙන් දින උග්‍ර තත්වයට පත්වූ ගල්ගමුවේ වල් අලි මිනිස් ගැටුමේ විසදුම ලෙස ඉදිවූ 2013 අලිවැටද ගල්ගමුවේ මිනිසුන්ටම පාරාවළල්ලක් වී තිබේ.
අලි බිම්- වගාබිම් වීම
අප කළ සොයා බැලීම් අනුව ගල්ගමුවේ වල් අලි මිනිස් ගැටුම උග‍්‍ර කිරීමට ප‍්‍රධාන හේතුව වී ඇත්තේ ගල්ගුව ප‍්‍රදේශයේ වන ගහනයේ ශීඝ‍්‍ර ලෙස අඩු වීමයි. දේශපාලන බලයේ අනුහසින් මහා නාන්නෙරිය, වන්නි අමුණකොලේ, විකාදෙණිගම, ඇහැටුවැව, ගල්ලෑව, කන්නෝරුව ආදී ප‍්‍රදේශවල අක්කර 1000කට අධික ප‍්‍රමාණයක් වගාබිම් බවට පත්ව තිබේ. බස්නාහිර පළාතේ බලවත් දේශපාලනඥයෙකුට අයත් එළවඵ වගා ගොවිපළක් ඇතුළු ගොවිපළවල් රැසක් ව්‍යාජ ඔප්පු මගින් පවරා දුන් වන රක්ෂිත භූමි වල ක‍්‍රියාත්මක වේ. ගල්ගමුවේ බලධාරින් හෙවත් දේශපාලඥයින් ගල්ගමුවේ ජනතාව හා නිලධාරින් අතර ගොඵව ඇත්තේ ඔවුන් මේ ගැටලූව තමන්ගේ අනුහසින් ඇති වූවක් බව දන්නා නිසාය.
වල් අලියා තම ශරීර ශක්තියෙහි ප‍්‍රමාණය නොදත්, මිනිසාට පසුව සත්ත්ව ලොකයේ වැඩිම මතක ශක්තියක් ඇති සත්ත්වයා බව පැවසේ. ඔවුහු තම හුරු පුරුදු ගමන් මාර්ග ඔස්සේම සැරිසරති. ගල්ගමුවේ දේශපාලඥයින් ඡන්ද පොරොන්දු ඉටු කරමින් සුළුතර ජනවර්ගවලට ගම්මාන ඉදි කර දී ඇත්තේ වල් අලින්ගේ ස්වභාවික ගමන් මාර්ග හරස් කරමිනි. සියඹලන්ගමුව වැව් ඉස්මත්තේ අලි ඇතුන්ගේ ස්වභාවික ගමන් මාර්ග හරස් කරමින් ‘අන්දර බැද්ද’ සුඵ ජන ගම්මානයද ගල්ගමුවේ සිට නිකවැරටිය ප‍්‍රදේශයට අලි ඇතුන් මාර්ගය හරස් කරමින් ‘කඵවිලපොතාන’ ගම්මානයද පිහිටුවා ඇත. මේ අඥාන තීරණ නිසා ගැමියන්ට මෙන්ම අලින්ටද වන්දි ගෙවීමට සිදුව ඇත්තේ ජීවිතවලිනි.
අලි බිලි සහ මිනිස් බිලි
2014 ජනවාරි මස සිට මේ දක්වා වල් අලි පහර දීමෙන් මිනිස් ජීවිත 14ක් අහිමි වී ඇති අතර 2015 ජනවාරි මස සිට මේ දක්වා පමණක් මිනිසුන් 6 දෙනෙකු මියගොස් තිබේ. අවසන් වරට ඉකුත් වප් පුරපසළොස්වක පොහෝ දින 70 හැවිරිදි කාන්තාවක් වල් අලි ප‍්‍රහාරයෙන් මියගියාය. ඒ තම පුතුගේ නිවස බිද වී ක
මින් සිටි වල් අලියාගෙන් තම ලේලිය හා මුණුබුරා බේරා ගැනීමට තම නිවසින් පිටතට පැමිණි විට ඇගේ නිවස ආසන්නයේ රැදී සිට වල් අලින් දෙදෙනෙකුගේ ප‍්‍රහාරයකට ලක්වීමෙනි. මේ වර්ෂය තුළ ගැටුම නිසා මියගොස් ඇති වල් අලින් ගණන 10කි.
විකල්ප විසඳුම්
දැනට ඉදිකර ඇති අලිවැට වැනි අසාර්ථක විසඳුම් වෙනුවට, වඩාත් තිරසාර සහ නිර්මාණශීලී විසඳුම් ගැමි ජනතාව සතුව ඇති බව, ඔවුන් සමග කළ කතාබහේදී අපට දැනගන්නට ලැබිණි. බලධාරීන් හා නිලධාරීන්ද නම්‍යශීලී වුවහොත් ප‍්‍රජා සහභාගීත්වයද ඇතිව මෙම ගැටලූව සාර්ථක ලෙස විසඳිය හැකි වනු ඇති බව නොඅනුමානය.
ගම්වාසීන් පවසන්නේ, දැනට ඉදිව ඇති අලි වැටට එපිටින් ඇති වන රක්ෂිත භූමියේ අඩි තිහක පමණ ප‍්‍රමාණය ප‍්‍රයෝජනයට ගෙන, කුඹුක්, කොහොඹ ආදී ශාක වැටක් නිර්මාණය කිරීමෙන් වල් අලින් ගම්බිම් වලට ඇතුඵ වීම වැළැක්විය හැකි බවයි. ඔවුන් නම් කරන ශාක දෙවර්ගයම මෙම ප‍්‍රදේශයේ කෙටිකාලයක් තුළ සරුවට වැවෙන අතර, වල් අලින් ඉතා කුඩා කාලයේදී හැර මෙම ශාක වලට හානි නොකරන බැවින් ඒ විසදුම ඉතා උචිත එකකි. එසේම වැලි ජාවාරම් කරුවන්ගෙන් දැඩි ග‍්‍රහණයට හසුව ඇති සියඹලන්ගමුව ඔයේ පරිසර පද්ධතිය රැකගැනීමටද මෙය උපකාරී වෙයි.
ගල්ගමුවේ අලි මිනිස් ගැටුම දේශපාලන බලයේ අනුහසින් මහා පරිමාණ වන රක්ෂිත භූමි අවභාවිතය හා වනාන්තර වල ගුණාත්මක බව නොරැකීම හේතුවෙන් ඇති වූවකි. එයට විසදුම් ලෙස ඉදිකළ අලිවැට ගල්ගමුවේ ජනතාවගේ හිස මත කඩා වැටුණ මරාලයක් වී තිබීම ඛේදවාචකයක් නොවේද?
අද මේ භූමියේ සැරිසරන වල් අලීන් ප‍්‍රමාණ 200 කට අධික වී තිබේ. අවිධිමත් අලිවැට නිසා ගල්ගමුවේ ජනතාව අත්විදින පීඩාව නිමා වන්නේ කවදාද? එය නිමාවන විට මිනිසුන් කීදෙනෙක් වල් අලින්ට බිලි වෙයිද? අලි කී දෙනෙකුගේ ජීවිත අහිමිවේද?
සටහන සහ ඡායාරූප
ගල්ගමුව මානෙල් පී. හේවගේ.