Sunday, February 23, 2025

වල්වැදුණ ‘තිනිපිටිය’ වැවත් Clean වෙයි ද?

Must read


Clean Sri Lanka වැඩ සටහන යටතේ නාත්තන්ඩිය ආසනයේ ප්‍රධාන වැවක් වූ මහ වැව හෙවත් තිනිපිටිය වැවේ පූරණ ප්‍රතිසංස්කරණ කටයුතු පසුගිය 04 වනදා ජාතික ජන බලවේගයේ නාත්තන්ඩිය සාමාජිකයන් එක්ව සිදුකරන ලදී. මෙම අවස්ථාවට පරිසර නියෝජ්‍ය අමාත්‍ය සම්බන්ධීකරන ලේකම් හා නාත්තන්ඩිය හිටපු ප්‍රා.සබා මන්ත්‍රී සාගර විජේසේකර ඇතුළු පිරිසක් සහභාගී වන ලදී. කාලයක් පුරා වල්බිහිවීමෙන් හා ජලජ ශාඛ වලින් වැසී තිබෙන මෙම වැව වැව පවත්වාගෙන යාම පිළිබදව නව වැඩ පිලිවලක්ද මෙහිදී ඉදිරිපත් කර ඇත.
තිනිපිටිය වැවේ පසුගිය කාලය පුරාම ෙ ජපන් ජබර, සැල්වීනියා සහ වෙනත් අවශේෂ වල් ශාකයන් වැවී වැවෙහි ජලය නිසි ලෙස ගලා යෑමට අවහිර වී තිබෙනු දක්නට ලැබේ. මීට දශකයකට පමන කලින් මෙම වැව ආසන්නයේ ඇති තනිවැල්ලේ දේවාලයට පැමිණෙන බොහෝ සැදැහැවතුන් මෙම වැවෙහි ස්නානය කර දේවාලයට පිවිස ආගමික වතාවත්වල නිරත වූ බව එම දේවාලය අවටින් වාර්තා වේ.
කෙසේ වුවුත් පසුගිය කාලයේදී මෙම වැව නඩත්තු කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුවට ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැති බවත් කලින් කලට සුද්ද වන මෙම මෙම වැව සුද්ද පවිත්‍රව තබාගැනීම වැව ආශ්‍රිතව ගොවිතැන් කටයුතු වල නිරත වෙන ගොවි සමිතිවලද වගකිමක් ලෙස පැවරී තිබුණි.

සබැදි පුවත්

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article