(8.55am)වයස අවුරුදු 72 ක් වන වයෝවෘද්ධ ආබාධිත කානාත්වක් දුෂණය කළ බව කියන 40 හැවිරිදි අයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව උඩප්පුව පොලීසිය කියයි.පසුගිය 13 වැනිදා මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොත්තන්තිව් – වටවාන ප්‍රදේශයේ පොල් වත්තක මුරකරුවෙකු ලෙස සේවය කරමින් සිටි අයෙකුවය. ඔහු ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හදුනා ගෙන ඇත.
අතවරයට පත්ව ඇති කාන්තාවගේ සැමියා මිය ගොසිනි.ඇයගේ දරුවන්ද විවාහ වී වෙන්වී සිටින බැවින් ඇය තනිවම නිවසේ වාසය කර ඇත.ආබාධිත තත්ත්වයෙන් පසුවූ ඇය පසුගිය දින කීපය තුළ රෝහල් ගතව නේවාසිකව ප්‍රතිකාර ලබා ඇති බවද විමර්ශණ වලදී හෙලිවී ඇත.
13 වැනිදා ඇය තම නිවසේ තනිවම සිටින විට එහි පැමිණ ඇති සැකකරු ඇයව තමා පදිංචිව සිටින පොල් වත්තේ මුර මඩුවට ගෙන ගොස් දුෂණය කර ආපසු ගෙනවිත් දමා ගොස් ඇත.මවගේ දුක සැප සොයා බැලීමට පැමිණ ඇති දරුවන් දැක ඇත්තේ ඇය අධික රුධිර වහනයෙන් පෙළෙමින් සිටින බවය.ඒ අනුව කරන ලද විමසීමකදී තමන්ට සිදුවූ අපරාධය මවදරුවන්ට හෙලි කර ඇත.
දරුවන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.අතවරයට පත්ව ඇති කාන්තාව වෛද්‍ය ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.
සැකකරුද පොල් වත්තේ තනිවම වාසය කර ඇති බව පොලීසිය කියයි.
උඩප්පුව පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක වික්‍රමසිංහ මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
ජුඩ් සමන්ත.