වයඹ පළාතේ පොලිසියේ ඉහළ පෙලේ තනතුරු කීපයකට ස්ථාන මාරුවක් ලබාදී ඇති බව වාර්තා වේ. මෙසේ මාරුවීම් ලබාදී ඇත්තේ වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා හා පුත්තලම නියෝජ්‍ය පොලිස්පති, පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, ආණමඩුව පොලිස් අධිකාරි හා ආණමඩුව පොලිස්ථානාධිපති ඇතුළු පිරිසකට වන අතර වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස්පතිවරයා පොලිස් කේෂත්‍ර බළකා මුලස්ථානයට මාරු විම ලබා දී ඇති බවත් වාර්තා වේ. නිල නොවන අකාරයට මෙම මාරුවට බලපෑ ඇත හේතුව වී ඇත්තේ නවගත්තේගම පොලිසියේ පොලිස් නිලධාරීයෙකුට පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරින් පහරදීමේ සිදුවීමක් බවයි.