Monday, November 25, 2024

වයඹ නව ආන්ඩුකාරවරයා 02 වන දා දිවුරුම්දීම නව කාර්යාලයකදී

Must read

musamil
(10.32am)ජනාධිපතිවරයා විසින් වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත්කරන ලද ඒ.ජේ.ඒ.මුසම්මිල් මහතා මෙතෙක් වයඹට පත්වූ ආණ්ඩුකාරවරුන් භාවිතා කළ ආණ්ඩුකාර කාර්යාලය සහ නිල නිවස භාවිතයට ගැනීම ප්‍රතික්ෂේප කරමින් සිය රාජකාරි සදහා වෙනත් නිල කාර්යාලයක් ලබාදෙන ලෙස ඒ මහතා ලිඛිතව ඉල්ලා ඇති බව මාධ්‍ය වාර්තා කර සිටියි.
ඒ  සඳහා වයඹ ආණ්ඩුකාර කාර්යාලය ⁣සහ නිල නිවෙස වෙනුවට කුරුණෑගල වැව රවුමේ පිහිටි වයඹ ප්‍රධාන අමාත්‍යවරුන්ගේ නිල නිවස ලබාදෙන ලෙස මුසම්මිල් මහතා වයඹ පළාත් සභාවෙන් ඉල්ලීමක් කර ඇත. මෙයට හේතුවක් ලෙස පැරණි ගොඩනැගිල්ල අවට ඇති බෞද්ධ ආගමික කාරණා  පදනමක් වී ඇති බවද ලංකාදීප පුවත්පත (30) වනදා වාර්තා කර තිඛුණද එසේ කියා සිටින්නේ කවර මුලාශ්‍රයක් මතදැයි එහි නිශ්චිත දක්වා තිබුනේද නැත.
දැඩි මුස්ලිම් විරෝධයක් පසුගිය කාලය තුල වර්ධනය වෙමින් තිබුන වයඹ පළාතට මුස්ලිම් ආණ්ඩුකාරවරයෙකු පත්කර යැවිම ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ විසින් සිදුකර තිබුණද එයට එරෙහිව විරෝධයක් නිර්මාණය කිරිමට ඇතැම් බලවේග කටයුතු කරමින් සිටින බව පෙනේ .
ඇතැම් මාධ්‍යයන්ද ඒවාට උඩිගෙඩි සපයමින් තිබිම සැබැවින්ම ලැජ්ජා සහගතය.
කෙසේ නමුත් නව ආණ්ඩුකාර මුසම්මිල් මහතාගේ  මෙම ඉල්ලීම මෙතෙක් ප්‍රතික්ෂේප වී ඇති හෝ විරෝධයක් මතුවී ඇති බවට කිසිවක් වාර්තා වී නොමැත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article