වයඹ පළාතේ පාසල් ගුරුවරුන්ට පාසල් කාලසීමාව තුළදී දුරකථන භාවිතාකිරීම තහනම් කරන ලෙසට දන්වමින් සියලුම කලාප හා කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් හරහා විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී ඇති බව වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍ය කුමාර රාජපක්ෂ මහතා පැවසීය.
මෙතෙක් කලක් නීතියට පමණක් සීමා වී තිබූ පාසල් වේලාව තුළ දුරකතන භාවිතය තහනම සක්‍රීය ලෙස ක්‍රියාත්මක කිරිම කරන බව කී සන්ධ්‍ය රාජපක්ෂ මහතා ඉගැන්වීම් සිදුකරන විට පවා ඇතැම් ගුරුවරුන් විසින් ජංගම දුරකතන භාවිතාකරන බවට වයඹ පළාතේ සෑම ප්රදේශයකින්ම පැමිණිලි ලැබීම හේතුවෙන් දරුවන්ගේ යහපත සහ ගුරුවරුන්ගේ කාර්යක්ෂමතාව පිළිබදව සලකා බලා මෙම පියවර ගත් බවද ඇමතිවරයා කීය.
නයිනමඩම චන්දන ප්‍රනාන්දු
උපුටාගැනීම ලංකාදීප වෙබ් අඩවියෙනි.