Saturday, January 18, 2025

වනජීවී තවත් විරුවෙක් දඩයක්කරුවන්ට ළය දෙයි

Must read

94711082_10217323986039304_4854690869988556800_n
වනජීවී තවත් විරැවෙක් දඩයක්කරැවන්ට ළය දෙයි…!
ඔවුන් රකින විදිමත් වැඩපිළිවෙලක්
වහාම ක්‍රියාත්මක කළ යුතුය….!

ගල්ඔය වනෝද්‍යානයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අඩවි ආරක්ෂකයෙකු ලෙස කටයුතු කළ අයෙකු ඊයේ(22) රාත්‍රියේ වන අපරාධකරැවන් වටලන මෙහෙයුමක දී දඩයක්කරැවෙකුගේ වෙඩි පහරකට හසුව මියගොස් තිබේ.මෙලෙස මියගොස් ඇත්තේ අඩවි ආරක්ෂක තනතුරට අලුතින් පත් වු කුකුලංමුල්ල හංදිය බුද්දම මොනරාගල පදිංචිව සිටි අදිකාරම්මුදියන්සේලාගේ සේනාදීර ප්‍රදීප් බංඩාර නැමැති වයස විසිදෙකක අවිවාහක තරැණයකි.ඔහු ගල් ඔය ජාතික උද්‍යානයේ මුල්ලේගම අඩවි ආරක්ශක කාර්‍යාලයට අනුයුක්තව සේවය කර ඇත.

ලද තොරතුරකට අනුව දඩයක්කරැවන් වැටලීමට ගිය අවස්ථාවේ මෙම ආවාසනාවන්ත සිදුවීමට මුහුණ දී තිබේ.ඒ අවස්ථාවේ දී ඔවුන් දඩයක්කරැවන් හතරදෙනෙකු අපහසුවෙන් මෙල්ල කර අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් දෙදෙනෙකු කැලය තුළ සැගවි සිට ඇත.වෙඩි තබා ඇත්තේ ඉන් එක් අයෙකි.වනජීවී ප්‍රතිප්‍රහාර හමුවේ එම දෙදෙනා පැන ගොස් තිබේ.

යුද්ධය අවසන්වීමෙන් පසු වර්තමානය වනවිට රටේ ඉතාම තීර්ණාත්මක හා අනතුරැදායකම රැකියාව වන්නේ වනජීවීයේ හා වනසංරක්ෂණයේ සේවය කිරීමයැයි පැවසිම අතිශයොක්තියක් නොවේ.
එහෙත් ඔවුන්ට ඒ සඳහා ලැබෙන වරප්‍රසාද නැති තරම් ය.ලැබෙන පුහුණුවට වඩා විදිමත් පුහුණුවක්,ලැබෙන වැටුපට වඩා වැඩි වැටුපක්,ඔවුන්ගේ දරැවන් පාසැල්වලට ඇතුළු කිරීමේ ඉහළ ප්‍රමුඛතාවයක් වැනි කාරණා කෙරෙහි රජයේ අවධානය වහාම යොමු විය යුතුව තිබේ.
ඊට අමතරව මෙවැනි විපතක දී සැලකිය යුතු වන්දි ක්‍රමවේදයක් ද වහාම ස්ථාපිත කළ යුතුය.

නයනක රන්වැල්ල

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article