Saturday, January 18, 2025

වනඅලින් දුම්රියේ ගැටීම වැලැක්වීමේ අරමුණින් SMS සේවාවක්

Must read

Elephant-crossing

මෙරට දුම්රිය මාර්ග ආශ්‍රිතව සැරිසරන අලි රංචු පිලිබදව දැනුම්දීම සදහා SMS අංකයක් හදුන්වා දීමට ශ්‍රීලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

මෙම වැඩපිළිවෙල හදුන්වාදීමේ අවස්ථාවේදී දුම්රිය සාමාන්‍යාධිකාරී එම්.ජේ. ඩිලන්ත මහතා සදහන් කලේ අලින් දුම්රියේ ගැටීම 100% නතර කල නොහැකි වූවත් එවැනි අවස්ථාවන් අවම කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.

SMS hotline 070-4445454 යන අංකය මෙහිදී භාවිතා වන අංකය වෙයි.

මෙම අංකය හරහා පැය 24 තුලම ජනතාවට දුම්රිය මාර්ග ආශ්‍රිතව සැරිසරන අලිරංචු සම්බන්දයෙන් දැනුම්දිය හැකි අතර ජනතාව විසින් එවන   SMS පණිවිඩ වනජීවී දෙපාර්තමේන්තුවේ ක්‍රියාත්මක පද්ධතියක ගබාඩා වන අතරම දුම්රිය දෙපාර්තමෙන්තුවටද ස්වයංක්‍රීයව යැවෙන පරිදි මෙම වැඩසටහන සකස් කර ඇත. පසුව දුම්රිය දෙපාර්තමේනතුවේ මේ සම්බන්දයෙන් ලියාපදිංචි අංශ වෙතද මෙම  SMS පණිවිඩය ලැබෙනු ඇත.

‘Elephant ALT’ ලෙස සංසරණය වන මෙම  SMS පණිවිඩය තුල රංචුවේ අලිගණන,වේලාව,ප්‍රදේශය අදාල දුම්රිය මාර්ගය සදහන් වේ.
උදාරණයක් ලෙස – ElephantALT – Elephant Herd – Seen at 128.5 mile post – Between Galgamuwa-Tabuttegama at 19.34 – North Line

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article