දැන් මේ සතුන් වන්ද්යකරණ සැත්මක කරන එක පව් ඒක එයාගේ අයිතිය එයාලටත් දෙමාපියෝ වෙන්න ඕන කියලා කියන අයට මම දෙයක් කියන්නම්. මේ ෆොටෝ එකේ ඉන්න දරුවව අපට ඊයේ නැතිඋනා සදහටම. අකාලයේ. යන්තම් මාස 8යි වයස.
මැරෙන්න හේතුව ?
පුංචි වයසෙන් පැටව් ලැබෙන්න සිටීම … ඔපරේට් කරන්න තිබ්බේ මාර්තු 30. ඒත් ඊට කලින් මේ සතා ප්රෙග්නන්ට් උනා. අනේ ඒ කාලේ මේ දරුව පුදුම බයකින් හිටියේ. පිරිමි සත්තු දැක්කම කුස්සියේ පුටුවක් උඩ වාඩි වෙලා වෙව්ලනවා. මම තුරුලු කරන් ඉදල තියනවා එයා බය නිසා. මේ දරුවට ඔය දාර්ශනික අය කියන සත්තු හැදීමේ ක්රියාව එයාලගේ අයිතිය කියන දේ වදයක් වෙලා තිබ්බේ. ගෙදර ඉන්න පූස් කොල්ලො දෙන්නටත් බයයි.
අපි පුලුවන් විදියට පරිස්සම් කලා. මොකද මෙයා පොඩි සතෙක්. පැටව් හම්බෙන්න හිටියට කිසි පරිස්සමක් නෑ ගස් ගානේ බඩ ගානව. ගෙදර අනිත් බල්ලෝ පූසෝ එක්ක නටනව උඩ ඉදල බිමට පනිනවා. අපි හොදට සැලකුවා. කන්න බොන්න ආස දේවල් දුන්න. අල කන්න ආස නිසා අල තම්බල දුන්න. විස්කස් , මාලු හැමදේම දුන්නා. අපෙ ගෙදර කෙනෙක් නෙවේ. ලග ගෙදරක ඉදල අපෙ ගෙදරට ආපු සතෙක්.
හදිසියේ හුස්ම ගන්න අමාරු උනා. අරන් ගියාම කීවේ මේ සතා තවම පොඩි පැටව් 3-4 ක් වත් ඉන්නවා එයාල හොදට ලොකු වෙල ඉන්නේ. පූස් අම්මත් තවම හැදෙන වයසේ නිසා එයාට අමාරු වෙයි කියලා. බෙහෙත් කලාට හරි ගියේ නෑ. සීසර් කරලා පැටව් ටික ගත්තේ. ගන්නකොට එක්කෙනෙක්ටවත් පන නෑ. මගේ අත් වලින් රබ් කරල කරල පැයක් විතර ඔට්ටු වෙල පැටව් දෙන්නෙක්ට යන්තම් පණ ගත්තේ. ඒත් එක්කෙනෙක්ගේ ජීවිතේ ශුවර් නෑ කීවා . අම්මගේ කිරි දෙන්න බෑ කීව එයාට බෙහෙත් දෙන නිසා. කීව වගේම දවස් දෙකකින් දුර්වල පැටියා නැති උනා. අනිත් පැටිය පූස් අම්මෙක් ලග ඉන්නවා තවම.
ඒත් සතියක් තිස්සේ ඔට්ටු වෙලත් මේ කෙල්ලව බේරගන්න අපිට බැරි උනා . අන්තිමට වතුර උගුරක් බීවේ නෑ. අපිව හපා කෑව බඩගින්නේ , පිපාසේ තියද්දී තුවාලේ වේදනාවත් එක්කම මේ අසරණයා මැරිලා ගියා. 5 පාරක් curfew අස්සේ බෙහෙත් කරන්න එක්ක ගියා. මෙයාට අපි ලග ඉන්න පින නැති උනා. වද සැත්කම කරගන්න බැරි උනා වයස මදි කියලා. ඒත් ඊට කලින්ම ප්රෙග්නන්ට් උනා.
හිතේ තියන්නේ කියාගන්න බැරි තරම් දුකක්. අපිට මේ දරුවව බේරගන්න බැරි උනානේ කියලා.
මෝඩ මිනිසුනේ. මේ සත්තු කල්පනා කර කර අම්මලා තාත්තලා වෙන්න හීන බලන්නේ නෑ අපි වගේ. ගෑනු සතාට ඒක පුදුමාකාර වදයක්. පැටව් දැම්මම මව් සෙනෙහස එකයි තමා. ඒත් අම්ම කෙනෙක් වෙන එක එයාගේ තෝරා ගැනීම නෙවේ. තමන්ගේ ගෙදර ගැහැනු සතාව වන්ද්යකරණය කරන්න අකමැති නම් ලැබෙන පැටව් හැමෝම බාරගන්න. මොකද ඔයාල ඔයාගේ දරුවන් මුනුබුරන් වෙන කාටවත් හදාගන්න දෙන්නේ නෑනේ නේද. හැබැයි පැටව් ලැබෙන්න ඉන්න සතෙක් නම් ආදරෙන් බලාගන්න. මනුස්ස අම්මෙක්ව පරිස්සම් කරනවා වගේ. අපිට මේ කෙල්ලව පරිස්සම් කරන්න බැරි උනා. හීලෑ නෑ මෙයා. අතගානවට වැඩිය කැමතිත් නෑ.
මේකත් කියන්නම ඕන. උපත් පාලන ක්‍රම පාවිච්චි කරන මිනිස්සු සත්තු වන්ද්යකරණය කරන එක පව්ලු.
එහෙම කියනව නම් ගෙදර ඉන්න සතාගේ මක්කෝ මැරෙන්න බෙහෙත් දාන්නත් එපා. නෑ ඉතින් ඒක කෙලින්ම සත්ව ඝාතනයනේ.
සත්ව හිංසනය, සත්ව ඝාතනය පවක්. නමුත් වන්ද්යකරණය කියන එක පවක් වෙන්නෙ කොහොමද කියලා නම් මම පිලිපදින ධර්මය ගලපා බලන කොට මට තේරෙන්නේ නෑ. තව දෙයක් . වන්ද්යකරණ සැත්කම සහ ඒ වෙනුවට බෙහෙත් විදීම කියන්නේ දෙකක්. බෙහෙත් විදින එක සතාට අනතුරුදායකයි . ඒකත් මතක තියාගන්න. සැත්කම කරලා දවස් සතියක් අපි ඒ සතා ගැන අවදානෙන් බලගමු. ඊට පස්සේ මුලු ජීවිත කාලෙම ඒ කෙල්ල සතුටින් ඉදියි.
කර්මයට චේතනාව මුල් වෙන බව මතක තියාගන්න.
අපට නැති උන මේ අසරණීගේ ජීවිතෙන් වත් පාඩමක් ඉගෙන ගන්න.