Sunday, January 19, 2025

වතුර මෝටරේ නැති වුනා නම් කුලියාපිටිය පොලිසියට ඇවිත් බලන්න !

Must read

රාජ්‍ය ආයතන, විහාරස්ථාන, කර්මාන්තශාලා සහ නිවෙස්වල සවි කර තිබූ වතුර මෝටර් 9ක් හා යන්ත්‍රෝපකරණවලට සවිකරන විශාල ප‍්‍රමාණයේ මෝටර් 7 ක් සොරකම් කළ බව කියන පුද්ගලයින් දෙදෙනෙකු සහ ඒවා මිලදීගත් බව කියන තවත් පුද්ගලයින් දෙදෙනෙකුද කුලියාපිටිය පොලිස් අපරාධ විමර්ශන එකකයේ නිලධාරීන් විසින් පෙරේදා (13 ) අත්අඩංගුවට ගනු ලැබූහ.

කුලියාපිටිය ඉහල ගොමුගොමුව හා පහළ ගොමුගොමුව පදිංචිකරුවන් දෙදෙනෙකු මෝටර් හොරකම සම්බන්ධව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර හොරබඩු මිළදී ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇත්තේ හිදියාමුල්ල හා ඉහල ගොමුගොමුව ප‍්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

සොරකම් කිරිමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටින පළමු සැකකරු විසින් මෙම සොරකම් සියල්ල තනිවම සිදු කර ඇති බවටත්, දෙවැනි සැකකරු ඉන් එක් සොරකමකට පමණක් සහය වී ඇති බවටද මූලික පොලිස් පරීක්‍ෂණවලදී හෙළි වී තිබේ. සැකකරුවන්ගෙන් ලබාගත් ප‍්‍රකාශ අනුව සොරාගත් භාණ්ඩ මිලදීගත් පුද්ගලයින් දෙදෙනාද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව හොර බඩු ළග තබාගැනීමේ චෝදනාව යටතේ නඩු පැවරීමට කටයුතු කරන බවද පොලිසිය කියයි.

කුලියාපිටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරී කපිල කඩුපිටිය, සහකාර පොලිස් අධිකාරි ධර්මසේන රත්නායක හා මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක අජිත් ප‍්‍රියන්ත යන මහත්වරුන්ගේ උපදෙස් මත අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක හැරිසන් සෝමසිරි මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක පාලිත හේරත්, පොලිස් සැරයන් ඥාණරත්න (49120) , ධර්මසිරි (29269) , පොලිස් කොස්තාපල් ජයකොඩි (49111) සහ රණසිංහ (49754) යන නිලධාරීහු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළහ.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර

motor_kuliyapitiya1

SAMSUNG CAMERA PICTURES

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article