Sunday, January 19, 2025

ලොරි දෙකක් කුඩු පට්ටම් වෙයි. ඒත් ජීවිත හතරක් බේරෙයි. (ඡායාරූප )

Must read

ඉබ්බාගමුව, ඉපලව ප‍්‍රදේශයේදී වැලි ප‍්‍රවාහනයේ යෙදුණු ටිපර් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද පස්වරුවේ සිදු වූ අනතුරකින් බරපතල තුවාල ලැබූ ලොරි රථ රියදුරු කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබීය.

අද පස්වරු 4 ට පමණ සිදු වී ඇති බව කියන මෙම අනතුරින් ටිපර් රථයේ රියදුරු සහ ලොරි රථයේ ඉදිරිපස ගමන්ගත් තවත් පුද්ගලයින් දෙදෙනෙකු සුඵ තුවාල පමණක් ලබා දිවිගලවා ගැනීමට සමත් වී තිබේ.

මෙලෙස අනතුරට පත් වූයේ මඩකලපුවේ සිට උඩුගම්පොළ බලා වැලි ප‍්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් සහ කුලියාපිටිය, නක්කාවත්ත ප‍්‍රදේශයේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත ගමන් කරමින් තිබූ ලොරි රථයකි.

අනතුරට පත් ලොරි රථය කුරුණෑගල – දඹුල්ල ප‍්‍රධාන මාර්ගය මැද පෙරළී ගොස් තිබූ අතර ටිපර් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් තිබිණි. අනතුරට පත් ලොරි රථයේ ඉදිරිපස රෝද ගැලවී ගොස් තිබූ අතර ලොරිය එකම සුන් බුන් ගොඩක් බවට පත් වී තිබිණි.

මාර්ගයේ වැරදි දෙසින් ධාවනය වී ඇති ලොරි රථය වැලි ප‍්‍රවාහන ටිපර් රථයෙහි ගැටී මාර්ගය මැද පෙරළී ගොස් ඇති බවත්, ටිපර් රථ රියදුරා විසින් අනතුර වළක්වාගැනීමට උත්සාහ කිරීමේදී ටිපර් රථයද මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් ඇතැයි දැනට කළ පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

ලොරි රථ රියදුරුට නින්ද යාමෙන් හෝ එහි වේගය පාලනය කර ගත නොහැකිවීමෙන් ලොරි රථය මාර්ගයේ වැරදි දෙසට ඇදී යන්නට ඇති බවත්, ටිපර් රථ රියදුරා විසින් දැඩි පරිශ‍්‍රමයක් දරා අනතුරේ හානිය අවම කරනොගන්නට මීට වඩා ජීවිත හානියක් විය හැකිව තිබූ බවද පොලිසිය කියයි.

ගොකරැල්ල පොලිසිය අනතුර පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

‬ipalaccident1 ipalaaccient9 ipalaaccient8 ipalaaccient7jpg ipalaaccient6 ipalaaccient2 ipalaaccient3 ipalaaccient4 ipalaaccient5

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article