Friday, November 22, 2024

ලොක් ඩවුන් කළ ඉන්දියාවේ අතරමංවූ සංක්‍රමණික ජනතාව

Must read

Ahmedabad-migrant-workersjpg

COVID-19 වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය 28 වනදා ඉන්දියාව තුළ   ජාතික වශයෙන් සිදුකළ  අගුලු දැමීමේදී ප්‍රධාන නගර වල සිටි  සංක්‍රමණික කම්කරුවන් මහත් අර්බුදකාරී තත්ත්වයකට මුහුණ පෑවේය. ඔවුන් සිය පවුල් පිටින් ,කාන්තාවන් කුඩා දරුවන් සමග නගර සීමා පසුකර සිය ගම් බිම් බලා පයින් ඇවිද යාමට පටන් ගත්තේය. මේ අතර ඔවුන් අයත් ප්‍රාන්ත වල ජනතාව මේ සම්බන්ධයෙන් මහත් බියක් ඇතිකරගත් අතර සමාජ මාධ්‍ය හරහා ද යම් භීතිකාවක් ජනිත කරන ලදී. මෙසේ ගම්බිම් බලා පයින් ගමන් කරන සංක්‍රමණිකයින්ට ආහාර පාන ,නොමැතිව,ප්‍රවාහන පහුසුකම් නොමැතිව ගම්න කරන්නට සිදුවූ අතර සමහර කණ්ඩායම් පාර මැද නතර කොට සමූහ වශයෙන්  විෂබීජහරන නාශක ද ඉසින ලදි. barielly

මෙය මහත් අමානුෂික පියවරක් බවට එරට මාධ්‍ය සහ මානව හිමිකම් සංවිධාන විසින් රජයට දෝෂාරෝපණ එල්ල කරන ලදී. කොරෝනා   වැනි වසංගත තත්ත්වයක් තුළ “රැකියා විරහිත හා අතරමංව සිටින සංක්‍රමණික කම්කරුවන් ලෙස ඔවුන් ඔවුන්ගේ  අවශ්‍යතා සපුරාලීම සඳහා අරගල කරනවාට අමතරව   දැන්‘ වෛරස් ’වාහකයන් ලෙස අපකීර්තියට පත්ව සිටිති. එමනිසා, ඔවුන්  ගම්වලට  ගිය පසු ඔවුන්ගේ ගම්මාන විසින් ඔවුන්ව  පිළිගනු නොලැබේ. ” යනුවෙන් ඔවුන් වෙනුවෙන් හඩ නගන ලදී.  වෙනත් ආකාරයකින් වුවද, මාරාන්තික කොරොන වයිරස් ආසාදනයට ලක්විය හැකි මෙම සංක්‍රමණික කම්කරුවන්ට ඔවුන්ගේ ගම්මාන ජනගහනය සමඟ මිශ්‍ර වීමට ඉඩ දීමද  ආරක්ෂිත නොවන අතර එමගින් වෛරසය  ව්‍යාප්තිය වැඩිවි  මාරාන්තික ප්‍රතිවිපාකයක් ගෙන දිය හැකි බවත් සංක්‍රමණිකයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතාකළ වෘත්තීය සංවිධාන විසින් ප්‍රකාශ කළේය.
මෙම සංක්‍රමණික ජනතාව මුහුණ දි ඇති මානුෂිය තත්ත්වය හමුවේ ඔවුන් වෙනුවෙන් පෙනී සිටින වෘත්තීය සංවිධාන විසින්  එරට ශේෂ්ඨාධිකරණයෙන් මේ සදහා රජයට උත්තර බදින ලෙස ඉල්ලා සිටින ලදී. ඒ අනුව  ඊයේ (30 )  ශේෂ්ඨාධිකරණය විසින් ඉන්දියානු  රජයෙන් මේ සම්බන්ධව වාර්තාවක් ඉල්ලා සිටින ලදී.
සංක්‍රමනිකයන් වෙනුවෙන් පෙත්සමක් ගොනුකළ පෙත්සම්කරුවෙකු කියා සිටියේ  කම්කරුවන්ට ආහාර, ජලය, නවාතැන් හෝ  බෙහෙත් නොමැතිව කාන්තාවන්, ළදරුවන් සහ ළමුන් ඇතුළු ඔවුන්ගේ පවුල් සමඟ ඇවිදීමට බල කිරීම හෘදයාංගම නොවන හා අමානුෂික ක්‍රියාවක් බවයි.

අද එරට ශේෂ්ඨාධිකරණය විසින්  මෙම සංක්‍රමණික ජනතාව  රාජ්‍ය දේශසීමා තරණය කිරීම නවතා  සංක්‍රමණික සේවකයන්ට ආහාර, නවාතැන් හා බෙහෙත්ල බා දෙන බවට සහතික වන ලෙස  මධ්‍යම රජයට නියෝග කළේය. මෙම නියෝගය යටතේ මධ්‍යම රජය විසින්  මෙවැනි  අතරමං වූ සංක්‍රමණික සේවකයින් වහාම හඳුනාගෙන ඔවුන්ට , නිසි ආහාර, ජලය, බෙහෙත් ඔවුන්ට ලබාදී  ඊට අවම  පහසුකම් සහිත ළඟම ඇති රජයේ නවාතැන් ,නිවාස  වෙත ඔවුන්ව  මාරු කළ යුතුය.     20THLTCOVIDLOCKDOWN

MIGRANTWORKERS2


www.thehindu.com ඇසුරෙන් සකස් කෙරීනි./ ඡායාරූප උපුටා ගැනීම www.thehindu.com

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article