Sunday, November 24, 2024

ලී පුළුස්සා සිතුවම් මවන අගනා කලාකරුවෙක්

Must read

 

83 (1)

ඉවත දමන ලී කැබලි,ගස් වල මුල්,පොල් කටු සහ පුවක් කොළ පට්ටා යොදා ගනිමින් අපූරු නිර්මාණයන් කිරීමට ආරච්චිකට්ටුව – ආනවිළුන්දාවේ පදිංචි නදීෂ රම්‍ය කුමාර දිසානායක සමත්වී ඇත.

තමන් විසින් තෝරා ගන්නා අමු ද්‍රව්‍ය මත විවිධ රූප,චිත්‍ර සහ ඡායාරූප සිතුවම් කර අනතුරුව විද්‍යුත් උපකරණයක් මගින් ඒ මත පිළිස්සීම මෙම තරුණයා විසින් සිදු කරණු ලබයි.එම පිළිස්සීමේදී ඇති වන පැහැය පමණක් අදාල රූපයේ ඉතිරි වන අතර ඒ මත වෙනත් වර්ණ ගැන්වීමක් සිදු කිරීමද නොකරයි.තමන් ගේ සිතුවම මත වාර්නිස් ආලේප කිරීමට පමණක් නදීෂ කටයුතු කරයි.එයද සිදු කරන්නේ නිර්මාණයේ අලංකාරය වැඩි වීමට සහ කල් පැවැත්ම රදවා ගැනීමට පමණක් බවද හෙතෙම සදහන් කරයි.     51 (1)

“මුලින්ම පුංචි පුංචි නිර්මාණ කරලා මගේ පෙම්වතියට තෑගි දුන්නා.එයා තමයි මුලින්ම මගේ නිර්මාණ අගය කළේ.ඊට පස්සේ අපි දෙන්නා එක වහළක් යටට වුනාට පස්සේ හිතුනා නිර්මාණ වැඩි කරන්න ඕනේ කියලා.ඒ අනුව අන්තර් ජාලාය අධ්‍යයනය කරලා මේ වැඩේ කරන්නේ කොහොමද කියලා හොයා බැලුවා. එහෙම තමයි මගේ නිර්මාණ පටන් ගත්තේ.

පාරේ යන කොට හම්භ වෙන ගැලපෙන ගස් වල මුල් කැබලි,ලී කැබලි,ලෑලි කෑලි මම අරගෙන ආවා.ඊට පස්සේ ඒවා මට අවශ්‍ය ආකාරයට කපලා සකස් කර ගෙන තමයි වැඩේ පටන් ගත්තේ.මුලින්ම කරන්නේ අමුද්‍රව්‍ය මත චිත්‍රය සිතුවම් කරන එකයි.ඊට පස්සේ ඒ සිතුවම විද්‍යුත් කූරකින් පුළුස්සනවා.මේකට කියන්නේ “ලී පුළුස්සා කරන සිතුවම” කියලයි.කිසිම නිර්මාණයක් වර්ණ ගැන්වීමක් කරන්නේ නෑ.කල් තියා  ගන්න සහ අලංකාරය වැඩි වන්න වාර්නිස් කරනවා.

ලී කැබලි වලට අමතරව පුවක් කොළ පට්ටා වලත් මම නිර්මාණ කරලා තියනවා.ඒ වැඩෙත් සාර්ථකයි.මෑතක ඉදලා මම පොල් කටු කැබලි වලින් විවිධ නිර්මාණ කරනවා.විශේෂයෙන්ම යතුරු රදවන වැනි දේවල් පොල් කටු වලින් නිෂ්පාදනය කරන්න පුළුවන්.

මගේ නිෂ්පාදනය සියල්ල පරිසරයට කිසිදු හානියක් කරන දේවල් නෙමෙයි.ඒ සියල්ල දිරා පත් වන දේවල්.නමුත් අපේ රටේ දැනට අලවි වන බොහෝ දේ ප්ලාස්ටික් වැනි නොදිරන ද්‍රව්‍ය වලින් කරන ලද නිර්මාණ.

මට තියන එක ගැටළුවක් තමයි අවශ්‍ය අමු ද්‍රව්‍ය සපයා ගැනීම.පාරක යන කොට ඕන තරම් තියනවා ලොකු ගස් වල කැබලි ආණ්ඩුවෙන් කපලා විනාශ වෙන්න ඉඩ හැරලා.මට අවසර දෙනවා නම් දිරා පත් වන ඒ ලී කැබලි අර ගන්න තව තවත් නිර්මාණ කරන්න හැකියාව තියනවා.ඒ වාගේම අලවියත් ගැටළුවක්.ඇතැම් අය ඇවිත් අපේ නිර්මාණ ඉල්ලන්නේ බොහෝම අඩු මුදලකට.මොකද එක නිර්මාණයක් කරන්න වැය වන කාලය කියන්න බැහැ. වැඩේ ඒ තරමටම සංකීර්ණයි.ඒ වෙලාවට නම් කලකිරීමක් ඇති වනවා.නමුත් මුලින්ම විනෝදාංශයක පටන් ගත්තු වැඩේ ඉස්සරහටම ගෙනි යනවා මිසක අතහරින්න කිසිම අදහසක් මගේ නැහැ.”

සත්‍ය්‍යකි.මහ පොළවට දිරා යන විවිධ දෑ භාවිතා කරමින් ඔහු කරනා නිර්මාණ වලට අගයක් ලබා දෙන්නට අපේ රටේ යම් අයෙකු හෝ ආයතනයක් ඉදිරිපත් වන්නේ නම් එය ඉතා අගනා ක්‍රියාවක් නොවන්නේද?  ?

78 74 (1) 59 72 70 56 54

56


ජුඩ් සමන්ත.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article