Saturday, November 23, 2024

ලිංගික සේවා ලබාගැනීමෙන් වැලකීමත් කොරෝනා පාලනයට උදව්වක්

Must read

sexලෝකයේ අන් රටවල මෙන්ම ශ්‍රී ලංකාව තුළද මේ දින කීපය තුලදී කොරෝනා ආසාධිතවීමේ වේගය ඉහළ යමින් තිබේ.
මේ සම්බන්ධව විවිධ උපදෙස් විවිධ මාධ්‍ය ඔස්සේ සිදුවෙයි. සමාජ මාධ්‍ය ජාලා වලද  කොරෝනා වෛරසයෙන් පරෙස්සම් විමට සිය ජීවන රටා වෙනස් කරගත යුතු ආකාරය පිලිබද විවිධ යෝජනා , උපදෙස් ප්‍රචාරය වේ. ඒ අතර මිනිසාගේ සෞඛ්‍යයට සම්බන්ධව විෂයානූකූලවූ උපදෙස්  අදාළ විද්වතුන් විසින් සිදුකරනු ලබන බවද සමාජ මාධ්‍ය නිරීක්ෂණය කරන විට පෙනී යයි. පහත දැක්වෙන් අනුරාධපුර ශික්ෂන රෝහලේ ලිංගාශ්‍රිත රෝග සම්බන්ධව උපදේශකවරයෙක් වන ( (STI, HIV & Sexual Health) at Teaching Hospital Anuradhapura) අජිත් කරවිට මහතා විසින්  ලිංගික ශ්‍රමිකයින් (sex workers) සම්බන්ධයෙන් සමාජය වෙත අවධාරනය කරන ලද කරුණකි.

ලැජ්ජ නැතුව මේ ගැනත් දැනුවත් වෙලා අනිත් අයත් දැනුවත් කරමු ශ්‍රී ලංකා

දිනකට ශ්‍රී ලංකාවේ 250,000 පමණ ජනතාවක් ලිංගික සේවා මිලට ගනියි.
මේ අතර සෘජු හා වක්‍ර ලෙස වාණිජ ලිංගික වෘත්තියේ යෙදෙන ශ්‍රමිකයින් සැලකිය යුතු ප්‍රමාණයක් සිටී.

දේශීය හෝ විදේශිය අයට එසේ මුදලට ලබාදෙන ලිංගික හෝ සමීප හැසිරීම් වන ඇනිමේෂන් සේවා, බට්ලර්සේවා, සිප ගැනීම්, සමීප ස්පර්ශය, සම්හාහනය, ලිංගික සංසර්ගයන් ආදිය හරහා කොරෝනා පැතිරීම සිදු විය හැක.

සමහර ස්පා ගර්ල්ස්ලා මේ වන විටත් සායනවලට පැමිණ මේ පිළිබඳ වාර්තා කර ඇත. corona රෝග ව්‍යාප්තිය පාලනය සදහා පුද්ගල දුරස්ථභාවය සේම සමාජ දුරස්ථභාවයත් (social distancing) පවත්වා ගත යුතුයි. එබැවින් එවැනි හැසිරීම් වලින් වැළකී සිටීම වඩාත් යෝග්‍යයයි. 90145472_10157942451888006_3985644464306651136_n

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article