ඊයේ (15) කල්පිටිය මුහුදේ මසුන් මැරීමේ යෙදී සිටි ධීවරයෙකු මුහුදට වැටී තිබේ. පසුව ඔහු මුහුදට වැටී අතුරුදහන්වී ඇති අතර ඔහුගේ සිරුර සොයාගෙන ඇත. මෙම ධීවරයා තවත් අයෙකු සමග කල්පිටියට උතුරින් ඇති ගැඹුරු මුහුදේ ලයිලා දැල් යොදා ගනිමින් මසුන් මැරීම සදහා ගොස් ඇත.බෝට්ටුවේ තිබූ දැල් මුහුදට දමන විට එම අය දැලක පැටලී මුහුදට වැටී ඇත.මුහුදට වැටී අතුරුදහන්වූ අයගේ සිරුර පසුව හමුවී ඇත. මිය ගොස් ඇත්තේ කල්පිටිය – උච්චමුනේ දූපතේ පදිංචිව සිටි නිරෝෂන් ජූඩ් සුසන්ත (අවු:20) නම් අයෙකි.
්