කුලියාපිටිය ,කුරුණෑගල මාර්ගයේ ලබුයාය මංසන්ධිය ආසන්නයේ පිහිටි පාලමක් යට තිබූ ග්‍රෙනේඞ් වර්ගයේ අත් බෝම්බ තුනක් අද පස්වරුවේ කුලියාපිටිය පොලිසියේ නිලධාරීන් විසින් සොයාගනු ලැබූහ.
එම ස්ථානයේ තිබූ යුධ හමුදා නිල ඇදුමට සමාන ඇදුමක් සහ හමුදා භටයින් විසින් පළදින හිස්වැස්මක්ද එහිදී කළ වැඩිදුර පරීක්ෂාවකදී පොලිසිය විසින් සොයාගනු ලැබීය.
ප්‍රදේශවාසියෙකුගේ තොරතුරක් මත සොයා ගනු ලැබූ මෙම අත්බෝම්බ කිසිවෙකු විසින් එම ස්ථානයට ගෙනැවිත් දමා පලායන්නට ඇති බවට පොලිසිය සැකකරයි. අධිකරණ නියෝගයක් ලබාගැනීමෙන් අනතුරුව කුරුණෑගල පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරු නිලධාරීන් යොදවා අදාළ බෝම්බ තුන නිශ්ක්‍රිය කිරීමට නියමිත බව පොලිසිය කියයි.
කුලියාපිටිය මූලස්ථාන පොලිසිය සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
කුලියාපිටිය උපේන්ද්‍ර සේරසිංහ