Saturday, January 18, 2025

ලබන බ්‍රහස්පතින්දා ජාතික ශෝක දිනයක් .

Must read

shoka _dinaඅපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත ස්වාමින්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා (12 දා) සිදුකිරීමට අවමංගල්‍යය කමිටුව විසින් තීරණය කර තිබේ.

UL 309 දරණ ගුවන් යානයෙන් අද රාත්‍රියේදී සිංගප්පූරුවේදී මෙරටට වැඩම කරවනු මාදුළුවාවේ සෝභිත නා හිමියන්ගේ ශ්‍රී දේහය කොළඹ ජයරත්න මල් ශාලාව වෙත ගෙනයාමෙන් අනතුරුව මහජන ‍ගෞරවය සදහා බ්‍රහස්පතින්දා දහවල් දක්වා කෝට්ටේ නාග විහාරයේ තැන්පත් කර තැබෙනු ඇත.

බ්‍රහස්පතින්දා දහවල් කෝට්ටේ නාග විහාරයෙන් පිටත්වන අවමංගල පෙරහැරකින් සෝභිත හිමියන්ගේ ශ්‍රී දේහය පාර්ලිමේන්තු ක්‍රිඩාංගණය වෙත වැඩමකරවීමට නියමිත අතර එහිදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය සිදු කිරීමටත් සැලසුම් කර තිබේ.

මාදුළුවාවේ සෝභිත ස්වාමින්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකෙරෙන ලබන බ්‍රහස්පතින්දා (12 දා) ජාතික ශෝක දිනයක් ලෙස නම් කිරීමටද රජය විසින් තීරණය කර ඇත.

එදිනට දිවයින පුරා පිහිටි සියලු සුරාසැල් සහ මස් අලෙවිසැල් වසාතබන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යංශය දැනුම් දෙයි.

ලබන බ්‍රහස්පතින්දා රාජ්‍ය ආයතන සහ නිවෙස්වල ජාතික කොඩිය අඩකුඹු කර සෝභිත හිමියන්ගේ දෑ හිතකාමී ශාසන මෙහෙවරට ප්‍රණාමය පුදකරන ලෙසටත් අවමංගල්‍යය කමිටුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article