Friday, November 22, 2024

ලක්ෂ විසි පහකට සුද්දය දුන් ලෝක හොරෙක් පොලිසි ගෙනා හැටි (ඡායාරූප)

Must read

සිය හාම්පුතාට අයත් රුපියල් ලක්ෂ විසි පහකට අධික වටිනාකමකින් යුතු රන් භාණ්ඩ සහ මුදල් තොගයක් සොරකම් කළ පුද්ගලයෙකු සහ ඒවා ළගතබාගත් ඔහුගේ අනියම් බිරිද බව කියන කාන්තාවක් මහව මූලස්ථාන පොලිසිය විසින් පෙරේදා (03 දා ) අත්අඩංගුවට ගනු ලැබූහ.

රුපියල් දහ අටලක්ෂ හැත්තෑ අටදහසක් වටිනා ස්වර්ණාභරණ තොගයක් සහ රුපියල් ලක්ෂ හතක මුදලකුත් සමග සිය නිවසේ සේවය කරමින් සිටි සේවකයෙකු අතුරුදන් වී ඇති බවට මහව, දුම්රිය නිවාස පාරේ පදිංචි කාන්තාවක විසින් පසුගිය 1 වැනිදා මහව මූලස්ථාන පොලිසිය වෙත පැමිණිලි කර තිබේ. ඒ අනුව පරීක්ෂණ මෙහෙය වූ පොලිසිය විසින් වත්තේගම, මීගම්මනවත්ත ප‍්‍රදේශයේ පිහිටි තම නිවසේ සැගවී සිටි සැකකරු පළමුව අත්අඩංගුවට ගෙන තිබේ.

සොරකම් කරන ලද මුදල් හා රන් භාණ්ඩවලින් කොටසක් සැකකරු සන්තකයේ තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇති අතර තවත් කොටසක් සැකකරුගේ අනියම් බිරිද බව කියන වත්තේගම ප‍්‍රදේශයේම පදිංචි කාන්තාවකට ලබාදී තිබියදී පොලිසිය විසින් සොයාගනු ලැබීය. සොරකම් කරන ලද භාණ්ඩ ළගතබාගැනීමේ චෝදනාව මත අදාළ කාන්තාවද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු, පැමිණිලිකාර කාන්තාවගේ නිවසේ වෙසෙන වයස්ගත පුද්ගලයෙකු රැකබලාගැනීම සදහා එම නිවසේ නතර වී සිටි අයෙකු බවත්, ඔක්තෝම්බර් 1 වැනිදා එම නිවසේ අල්මාරියක් තුළ තැන්පත් කර තිබූ රන් භාණ්ඩ සහ මුදල් තොගයද සොරාගෙන නිවැසියන්ට හොරෙන් එම නිවසින් පලාගොස් ඇති බවද දැනට සිදු කර ඇති මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මහව වැඩබලන මහේස්ත‍්‍රාත් සිරිපාල හපුආරච්චි මහතා වෙත ඉදිරිපත්කිරීමෙන් පසුව එක් අයෙකුට රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසට නියෝග කළේය.

මෙලෙස ශරීරඇප මත මුදාහරිනු ලැබුවේ වත්තේගම, මීගම්මන ප‍්‍රදේශයේ පදිංචි කොඩිතුවක්කුකාරගේ විජිත කුමාර් සහ කුමුදු අනුරුද්ධිකා රාජගුරු නැමැති අයවඵන්ය.
මහව සහකාර පොලිස් අධිකාරී එච්. එම්. පී .හේරත් මහතාගේ උපදෙස් මත, මහව මූලස්ථාන පොලිස් පරීක්ෂක ආර්. ජයන්ත සහ එහි අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රත්නායක යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන්, පොලිස් සැරයන් රත්නායක (30563) , තිලකරත්න (59106) , කරුණාරත්න (30737) සහ පොලිස් කොස්තාපල් දීගල්ල (20059), මිල්ටන් (55135), තිස්ස (34119), බස්නායක (48643), ජයන්ත (55033) සහ බණ්ඩාර (55174) යන නිලධාරීහු විසින් වැටලීම සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.

සටහන සහ ඡායාරූප – මහව වීරරත්න බණ්ඩාර

 

සැකකරු විසින් සොරාගත් රන් භාණ්ඩ සහ මුදල්

mahogold2

අත්අඩංගුවට ගත් සැකකරු මහව පොලිසියට රැගෙන ආ අයුරුmahogold4 mahogold5

පොලිස් නිලධාරීන් විසින් සැකකරුගේ ඇගිලි සළකුණු ලබා ගනිමින්mahogold3

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article