මේ දිනවල හිරු බැස ගොස් අහස කළුවර වූ විට රාත්‍රී 7.00 ට පමණ බටහිර අහසේ දීප්තිමත්ම වස්තුව ලෙස සිකුරු ග්‍රහයා ද ශ්‍රී ලංකාවාසීන්ට දැක ගත හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.
තාපය උරාගත හැකි හරිතාගාර වායුන්ගෙන් සමන්විත වායුගෝලය නිසා සෞරග්‍රහ මණ්ඩලයේ උෂ්ණත්වය වැඩිම ග්‍රහයා සිකුරු වන අතර එහි මතුපීට උෂ්ණත්වය ජලය නටන උෂ්ණත්වය මෙන් හතර හමාර ගුණයක් හෙවත් සෙල්සියස් අංශක 467 පමණ වේ.
බටහිර අහසේ සිකුරු ඉතාම දීප්තිමත්ව පෙනෙනුයේ අප්‍රේල් 27 දින රාත්‍රියේදී බවද මහාචාර්ය චන්දන ජයරත්න මහතා කියා සිටී.
එසේම අප්‍රේල් 16 වනදා සිට අප්‍රේල් 25 කාලය තුලදී එකිනෙකට ඉතා සමීපව අහස් මුදුනට ආසන්නව පිහිටි බ්‍රහස්පති, සෙනසුරු සහ අඟහරු ග්‍රහලෝකත් සමගම හිරු නැගීමට පෙර නැගෙනහිර ක්‍ෂිතිජයට ඉහලින් ඇති බුධ ග්‍රහයාත්, උදේ පාන්දරින්ම දැකගත හැකි පැරණිතම වාර්ෂික උල්කාපාත වර්ෂාවක් වන ලයිරිඩ්ස් ද අළුයම් කාලයේදී අපට හොදින් දැක ගත හැකි බව සදහන්වේ.
මේ දිනවල විචිත්‍ර උල්කාපාත පැයකට 5 ක් පමණ දැකිය හැකි නමුත්, අප්‍රියෙල් 22 රාත්‍රියේ පෘථිවියට උල්කාපාත ප්‍රවාහයේ උච්චතම කොටස හමු වන අතර, ඒ සමඟ උල්කාපාත පැයකට 20 ක් හෝ ඊට වැඩි ව දැකගත හැකි වේ. 17 වනදායින් පසු චන්ද්‍රයා ක්‍රමයෙන් දසුනෙන් ඉවත්වන බැවින් සහ 23 අමාවක ඇතිවන බැවින් උල්කා උච්චතම ය වන 22 වන විට අපට සම්පූර්ණ දර්ශනය බාධාවකින් තොරව බැලීමට ඉඩ සැලසෙන බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා වැඩිදුරටත් සදහන් කළේය.
උපුටා ගැනීම – දිනමිණ