Sunday, January 19, 2025

රෝහල් ගත‍කෙරුණු මන්ත‍්‍රීට බරපතල නෑ .

Must read

maraj copyකුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබූ වයඹ පළාත් සභා මන්ත‍්‍රී මල්රාජ් පීරිස් මහතාගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග කියයි.

ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමකට සහභාගිවීම සදහා කුරුණෑගල පිහිටි වයඹ පළාත් සභා සංකීර්ණය වෙත පැමිණ සිටි මල්රාජ් පීරිස් මහතා (එ. ජ. නි.ස ) හදිසි අසනීප තත්වයක් හේතුවෙන් අද පස්වරුවේ කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබීය.

වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම අද පස්වරුවේ පළාත් සභා සංකීර්ණයේදී පැවැත්වුණු අතර ඊට සහභාගිවීමට පැමිණි මල්රාජ් පීර්ස් මහතා තවත් මන්ත‍්‍රීවරුන් පිරිසක් සමග කණ්ඩායම් රැස්වීම ආරම්භවන තෙක් පළාත් සභා පුස්තකාලයෙහි රැදි සිට ඇත. එහිදී පස්වරු 4. 05 ට පමණ එක්වරම සිහිවිසඥ තත්වයට පත් වී ඇති මන්ත‍්‍රීවරයා කඩිනමින් කුරුණෑගල ශික්ෂණ රෝහලට කරා රැගෙනයාමට සෙසු මන්ත‍්‍රීවරුන් විසින් කටයුතු කළහ. මන්ත‍්‍රීවරයා මේ වන විට එහි කුරුණෑගල ශික්ෂණ රෝහ‍ලෙහි නේවාසික ප‍්‍රතිකාර ලබමින් පසුවෙයි.

පස්වැනි වයඹ පළාත් සභාවේ මන්ත‍්‍රීවරයෙකු ලෙස කටයුතු කළ මල්රාජ් පීරිස් මහතාට මන්ත‍්‍රීවරයෙකු ලෙස හයවැනි පළාත් සභාවේහි අසුන් ගැනීමට අවස්ථාව ලැබුණේ පසුගිය 22 වැනිදාය. ඒ වයඹ පළාත් සභාව නියෝජනය කරමින් සිටි සනත් නිශාන්ත පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස තේරීපත්වීම හේතුවෙන් වයඹ පළාත් සභාවේ ඇති වූ මන්ත‍්‍රී පුරප්පාඩුව වෙනුවෙනි. මල්රාජ් පීරස් මහතා දංකොටුව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article