රුපියල් හාරසියයක අවදානම් දීමනාවක් ලබාදෙන ලෙසට ඉල්ලමින් කුරුණෑගල, දොඩම්ගස්ලන්ද කහටගහපතළේ සේවයේ නියුතු පතල් කම්කරුවන් පනහකට අධික පිරිසක් පොළවේ සිට අඩි 1132 ක් පමණ පොළව අභ්‍යන්තරයේ පිහිටි මිනිරන් දෝනාවක සිට ඊයේ (24 දා ) ආරම්භ කළ උපවාසයක් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් තිබේ.
මෙතෙක් තමන්ට නිසි විසදුමක් නොලැබීම හේතුවෙන් අඩි 2000 ක් දක්වා පහළට බැස මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට තීරණය කළ බවද මින් ටික වේලාවකට පෙර වයඹ ටුඩේ වෙබ් අඩවිය ඇමැතූ එම සේවකයෝ පැවසූහ.