ඓතිහාසික රිදී විහාරයේ වාර්ෂික ඇසළ මහා පෙරහැරේ අවසන් රන්දෝළි පෙරහැර ඊයේ රාත්රියේදී වීථි සංචාරය කළේය.
ඊයේ රාත්රි 7.42 ට යෙදුණු සුබ මොහොතින් සධාතුක කරඩුව මංගල හස්ති රාජයා පිට තැනපත් කිරීමෙන් අනතුරුව පෙරහැර ආරම්භ කෙරිණි. රිදීගම දේවාල හන්දියෙන් ගමන් ආරම්භ කළ පෙරහැර රිදීගම නගරය දක්වා පැමිණ ප්රාදේශීය ලේකම් කාර්යාල මාර්ගය හරහා ගමන් කිරීමෙන් අනතුරුව රිදී විහාරය වෙත ගෙවදිනු ලැබීය.
අද උදෑසන දැදුරුඔයේ නිලන්තට්ටුව තොටුපළේදී දියකැපීමෙන් අනතුරුව රිදී විහාරයේ ඇසළ මහා පෙරහැර අවසන් කරනු ලැබීය.