Saturday, September 21, 2024

රිදීමාලියද්දේ නිවසකින් ගුවන් යානා ප්‍රහාරක උණ්ඩ තොගයක් සොයා ගනී

Must read

 

image_f2ab032517

image_cb875186d0

ගුවන් යානාවලට පොළොවේ සිට ප්‍රහාර එල්ල කළහැකි බර අවි සඳහා යොදනු ලබන සී.බී.සී වර්ගයට අයත් විදේශීය රටක නිෂ්පාදනය කරන ලද ජීව උණ්ඩ හැත්තෑ තුනක් ඇතුළු ජීව උණ්ඩ 346 ක්, යකඩ බැරල් දෙකක් ඇතුලු භාණ්ඩ තොගයක් අද (05) සැකකරුවෙකු සමඟ රිදීමාලියද්ද කුරුවිතැන්න තඹගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව රිදීමාලියද්ද පොලිසිය පවසයි.

අත්අඩංගුවට පත්ව ඇත්තේ නිවාඩු ලබා පැමිණී 35 හැවිරිදි යුද හමුදා සෙබලෙකි.

අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර ගුවන් යානාවලට පොළොවේ සිට ප්‍රහාර එල්ල කළහැකි බර අවි සඳහා යොදනු ලබන විදේශීය රටක නිෂ්පාදනය කරන ලද සී බී සී වර්ගයට අයත් මිලිමීටර් 50-95 වර්ගයේ ජීව උන්ඩ 24 ක්, සී බී සී වර්ගයට අයත් මිලිමීටර් 50-81 වර්ගයේ ජීව උන්ඩ 49 ක් , එෆ් එන් එම් වර්ගයේ මිලිමීටර් 5.81 ජීව උන්ඩ 273 ක්, විදේශීය රටක හෝ මෙරට නිෂ්පාදිත 5.81 උණ්ඩ යොදන යකඩ බැරල් එකක් ,බෝර 12 යකඩ බැරල් එකක් සහ ඒවා අසුරා තිබූ මලු කීපයක් තිබූ බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් හමුදා සෙබලාට අයත් කාමර දෙකකින් යුත් නිවසේ එක් කාමරයක් තුළ මෙම උණ්ඩ තොගය ගබඩා කර තිබිණී.

මොහු කුමන හේතුවක් සඳහා මෙම උණ්ඩ රැගෙන විත් ඇද්දැයි මේ වන තුරුත් අනාවරණය වී නොමැති බවත් සැකකරු හෙට (6) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය පැවැසීය.

(ලංකාදීප)

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article