Sunday, January 19, 2025

රිදීගම මගුල් ගෙදරකදී අරක්කු ගහ ගනී. ‍පාලනය කිරීමට පොලිසිය කැදවයි !

Must read

රිදීගම, සෝභාවී උත්සව ශාලා‍වේදී පැවැති විවාහ මංගල සාදයක් අතරතුරදී බීමත් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් පාලනය කිරීම සදහා මීට ටික වේලාවකට පෙර පොලිසිය කැදවීමට සිදු විය.

රිදීගම විවිධ සේවා සමූපකාර සමිතියට අයත් සෝභාවී උත්සව ශාලාවේදී අද පැවැති විවාහ මංගල්‍යයක් අතරතුරදී ‍ එම විවාහ මංගල්‍යයට සහභාගී වීමට පැමිණ සිටි දෙපිරිසක් අතර මෙම ගැටුව ඇති වී තිබේ.

විවාහ මංගල්‍යයේදී සැපයුණු මත්පැන්වලන් හොදහැටි සප්පායම් වී ඇති මෙම දෙපිරිස අතර ඇති වූ බහින්බස්වීමක් පසුව ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇති බව කියැවේ.

මත්පැන් බී වෙරිමතින් සිටි මෙම දෙපිරිස විසින් මත්පැන් ‍බෝතල් බිදගෙන එම වීදුරු කැබැලිවලින් කපා ගැනීම නිසා ගැටුමට සම්බන්ධ වූ කිහිපදෙනෙකු බරපතල තුවාල ලබා ඇති අයුරුද දැකගත හැකි විය.

කෙසේවෙතත් මෙම ගැටුම අතරතුරදී එහි පැමිණි රිදීගම පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්. එච්. එම්. ජයතිලක මහතා ඇතුඵ රිදීගම පොලිසියේ නිලධාරීන් සහ නිලධාරිනියන් කණ්ඩායමක් විසින් අදාළ ගැටුම මැඩපවත්වනු ලැබූහ.

මෙම ගැටුමට සම්බන්ධ පුද්ගලයින් කිහිපදෙනෙකුද පොලිසිය විසින් උත්සව ශාලා භූමියේදීම අත්අඩංගුවට ගනු ලැබූ අතර තවත් තිහිප දෙනෙකු ප්‍රතිකාර සදහා රිදීගම දිසා රෝහලට ඇතුළත් කර තිබේ.

කෙසේ‍වෙතත් මෙම ගැටුමට සම්බන්ධ පිරිස විසින් පැය භාගයකට ආසන්න කාලයක් ගුටිබැට ඇණගනිමින් ,අසභ්‍ය වචන කියා කෑකෝ ගසමින් සහ පොලු අත දරාගෙන උත්සව ශාලා භූමියෙහි සැරිසරමින් විවාහ මංගල්‍යට පැමිණ සිටි පිරිස් පවා භීතියට පත්කරවන අන්දමේ නින්දිත හැසිරීම යෙදී සිටි අයුරු දැක ගත හැකි විය.

මෙම ගැටුමින් සෝභාවී උත්සව ශාලා‍වේ දේපළවලටද සුලු හානි සිදුවී ඇති බව කියැවෙයි.

රීදීගම සෙනසුරාදා සතිපොළ පිහිටා ඇත්තේද මෙම උත්සව ශාලා‍ භූමියට යාබදව වූ බැවින් සතිපොළට පැමිණ සිටි පිරිසද මෙම ගැටුම හේතුවෙන් අපහසුතාවයට පත් වී සිටි අයුරු දැකගත හැකි විය.weding_rideegama1 weding_rideegama2 weding_rideegama3

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article