Saturday, January 18, 2025

රැවන්ඩාවේ සමූළ ඝාතනයට සම්බන්ධ අපරාධකරුවෙකු වසර 26කට පසු අත්අඩංගුවට

Must read

static.politico.com
කිගාලි ජන සංහාරය පිළිබදව අනුස්මරණ ආයතනයේ ප්‍රදර්ශන කර තිබෙන  රැවන්ඩා සමුළ ඝාතනයට ලක්වූ  පවුල් වල සාමාජිකියින්ගේ ඡායාරූප  | Ben Curtis/AP Photo

 

1994  දි රුවන්ඩාවේ සිදුවූ ජන සංහාරයේ සම්බන්ධ,  පලාගොස් සිට  අපරාධකරුවෙකුව  පැරිසියට ආසන්න ප්‍රෙද්ශයකදී අත්අඩංගුවට ගෙන ඇත. 84 හැවිරිදි කබුගා,  ටුට්සි ජනතාව  ඝාතනය කිරීමට අවි ආයුධ  සැපයීම මෙන්ම සමූළ ඝාතනය ඉල්ලා ප්‍රචාරය කිරීම යන චෝදනා ලැබූ ධනවත් ව්‍යාපාරිකයෙකි. 16 වනදා  පැරිසියෙන් පිටතදී  මොහුව අත්අඩංගුවට ගත් බව බලධාරීහු  ප්‍රකාශ කළහ.
රුවන්ඩාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව 1997 දී කබුගාට එරෙහිව අධි චෝදනා  ගොනු කළේ ජන සංහාර පීඩා  සහ සමූල ඝාතන කිරීමේ  කුමන්ත්‍රණය සම්බන්ධ චෝදනා මතය.

රුවන්ඩාවේ නිලධාරීන් මෙම අත්අඩංගුවට ගැනීම ගැන ප්‍රශංසා කරන අතර නැගෙනහිර අප්‍රිකානු ජාතිය යුක්තිය ඉටුවීම සහතික කිරීම සඳහා එක්සත් ජනපද යාන්ත්‍රණය සමඟ අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කරන බව පවසා තිබේ.
රුවන්ඩාවේ සිදුවූ සමුළ ඝාතන වලට සම්බන්ධ  නඩු පැවරිම් වලට  අනුව,  පලාගිය අනෙක් ඉහළ පෙළේ ජනාධිපතිවරුන්ගේ හිටපු ආරක්ෂක අණදෙන නිලධාරී ප්‍රෝටයිස් එපිරන්යා සහ හිටපු ආරක්ෂක ඇමති ඔගස්ටින් බිසිමාන ද ඇතුළත් ය.

මෙම අත්අඩංගුවට ගැනීම “ලක්ෂ සංඛ්‍යාත ජන සංහාරයට ගොදුරු වූවන්ට සාධාරණය ඉටු කිරීම සඳහා වැදගත් පියවරක්” යැයි හියුමන් රයිට්ස් වොච් හි අප්‍රිකානු අධ්‍යක්ෂ මවුසි සේගුන් අත්අඩංගුවට ගැනීම ගැන පවසා තිබේ. කබුගා හිටපු ජනාධිපති ජුවෙනල් හබාරිමානගේ   සමීපතමයෙක් ලෙස සැලකෙන අතර  කබුගාගේ දියණිය හබරිමානගේ පුතා සමඟ විවාහ විය.


www.world.einnews.com

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article