Saturday, January 18, 2025

රථගායට බිලි වූ තවත් ජීවිතයක්.

Must read

රියදුරාට වේගය පාලනය කරගත නොහැකි වූ බව කියන මෝටර් රථයක් අද වාරියපොළ, හොරොම්බුව හන්දිය ප‍්‍රදේශයේදී පාපැදියක සහ ත‍්‍රිරෝද රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වූ අතර කුඩා දරුවෙකු ඇතුඵ පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලැබූහ.

අද පෙරවරු 9 ට පමණ සිදු වූ බව කියන මෙම අනතුරින් ජීවිතක්ෂයට පත් වූයේ ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි කාර්මිකයෙකු ලෙස සේවය කරමින් සිටි, හොරොම්බුව ප‍්‍රදේශයේම පදිංචි 53 හැවිරිදි දෙදෙරු පියෙකි. ඔහු සමග පාපැදියෙන් ගමන්කරමින් සිටි ඔහුගේ නව හැවිරිදි ප‍්‍රත‍්‍රයා සහ සහ මෝටර් රථයේ ගැටුණු ත‍්‍රිරෝද රථයේ රියදුරාද බරපතල තුවාල ලැබීම නිසා කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කරනු ලැබූහ.

අනතුර සිදු කළ බව කියන මෝටර් රථය, කුරුණෑගල දෙස සිට අනුරාධපුරය බලා අධික වේගයෙන් ධාවනය වෙමින් තිබූ බවත්, ඒ අවස්ථාවේදී වැල්ලෑගල දෙසින් පැමිණ වාරියපොළ දෙසට හරවමින් තිබූ පිය – පුතු දෙපළ නැගී ආ පාපැදියේ වේගයෙන් ගැටුණු බව සිද්ධිය ඇසින් දුටුවෝ දිණමින ට කීහ. පාපැදියේ ගැටුණු මෝටර් රථය එහි රියදුරාට පාලනය කර ගත නොහැකිවීමෙන් ඉදිරියෙන් පැමිණි ත‍්‍රිරෝද රථයෙහිද ගැටී නතර වී තිබේ.

අනතුර සිදු කළ බවට සැකපිට වාද්දුව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෝටර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වාරියපොළ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article