Sunday, January 19, 2025

‘ යූරියා පොහොර නොමැතිකම නිසා වගා බිම් අතහැර දැමීමට සිදුවෙලා ‘ – හලාවත ගොවීහු පවසති

Must read

01(7) 12(3)තම වගා බිම් වලට යෙදීමට යූරියා පොහොර නොමැතිකම නිසා වගා බිම් අතහැර දැමීමට සිදුවී ඇති බව හලාවත ප්‍රදේශයේ ගොවීන් සදහන් කරයි.

හලාවත  – දැදුරුඔට ආසන්නයේ පදිංචිකරුවන් බහුතරයක් ජීවිකාව කරගෙන යනු ලබන්නේ විවිධ කීර සහ එළවළු වගා කිරීමෙනි. ඒ අනුව මානුවන්ගම, සිප්පිකලාන,ආරියගම,රඹේපිටිය,බංගදෙණිය,දෙමටපිටිය ඇතුළු දැදුරුඔය දෙපස පිහිටි ගම්මාන රැසක පවුල් 2000 කට වැඩි දෙනෙකුගේ ප්‍රධානතම ජීවෝනාපය වී ඇත්තේ ගොවිතැනය.

මෙරට පරිභෝජනයට අවශ්‍ය විවිධ කීර වර්ග,එනම් ගොටුකොළ, මුකුණුවැන්න,කංකුං ඇතුළු තවත් එළවළු වර්ග බොහෝමයක් වෙළද පලට සපයනු ලබන්නේද මෙම ගම්මාන වල පදිංචිකරුවන් විසිනි.

මෙම වගාවන් සදහා කාබණික පොහොර ආරම්භයේදී යොදන අතර,අස්වැන්න නෙලීමට ආසන්න වන විට යූරිය පොහොර යෙදීම සිදු කරයි. කීර ඇතුළු සෙසු එළවළු වල සාරවත් භාවය සකසා ගත හැක්කේ යූරියා පොහොර යෙදීමෙන්  පමණක් බව ගොවීන් සදහන් කරයි.නමුත් මේ වන විට වෙළද පළේ කිසිදු ස්ථානයක කුමන මිළ ගනන් යටතේ හෝ යූරියා මිළදී ගැනීමට නොමැති බව ඔවුන් සදහන් කරයි.මෙම තත්ත්වය නිසා තමන් විසින් සිදු කර ඇති වගාවන් වල අස්වැන්න නෙලීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවද ඔවන් කියා සිටී.07(3)

මෙම තත්ත්වය මත ඇතැම් ගොවීන් තම වගා බිම් වල ඇතුළු කීර ඇතුළු එළවළු කපා ඉවත දමන්නට පටන් ගෙන ඇති අතර,තවත් පිරිසක් එළවළු බිම් ගවයින්ට ආහාර සදහා වෙන් කර ඇති බවක්ද දක්නට ඇත.

කුමන මිළ ගනනක් යටතේ හෝ තමන්ට යූරිය පොහොර ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන ලෙසද මෙම ප්‍රදේශයේ ගොවීන් රජයෙන් ඉල්ලීමක් කරයි.කඩිනමින් යූරියා පොහොර ලබා ගැනීමට නොහැකි වුවහොත් වගා බිම් සියල්ල පාළු වන බවත්,එම තත්ත්වය නිසා වෙළද පල තුළ දැඩිඑළවළු හිගයක් නිර්මාණය වීමට ඉඩ ඇති බවද ඔවුන් කියා සිටී.


සටහන සහ ඡායා – ජුඩ් සමන්ත

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article