Sunday, November 24, 2024

මේ තරම් නිවට විය යුතුද ???

Must read

z_Premadasa-Supp-pg05-Rich-01එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස නිසා දැන් බොහෝ අයට ප්‍රේමදාස යුගය හා ප්‍රේමදාස පවුල ගැන කතා කිරීමට සිදුව තිබේ. නමුත් මෙය හරියට උගුරට හොරා බේත් කන්නා වැනිය. සජිත් ප්‍රේමදාස වර්ණනා කළ යුතුය. එම නිසා ඔහුගේ පියාද මවද වර්ණනා කළ යුතුය. මෙය හරියට අසූචි ගොඩේ ඇති පොල් කෑල්ල කන්නා වගේ වැඩකි.
⁣අපේ රට පසුකළ භීම සමයන් ගණනාවක් ඇත. 71 කැරැල්ල 89 කැරැල්ල , වසර 30ක යුද්ධය වැනි කාල වකවානු කිසිවකුට තවමත් අමතක නැත. මේ සියලු කටුක දේශපාලන ප්‍රචන්ඩත්වය හමුවේදී රාජ්‍ය පාලනය කළ නායකයන් විසින් කළ වැරදි අමතක කළ නොහැකිය. ප්‍රේමදාස යුගයේද එවැනි අමතක කළ නොහැකි තිත්ත ,කටුක යථාර්තයක් අපේ ඉතිහාසයට එක්කර තිබේ. 89 භීෂණය අප රටට එක්වූ සදාතනික කලු පැල්ලමකි. වේදනාකාරී අත්දැකීමකි.
පසුබිම එසේ තිබියදී දැන් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් පෙරමුනේ වේදිකාවට නගින සමහර කතිකයින්ට සිදුව ඇත්තේ ප්‍රේමදාස යුගයක් මතක් කරමින් අතීතය ආපස්සට හැරවීමටය.
මේවාට ගමේ නම් කතාවට කියන්නේ “උඹ අමු කාලාද ඉන්නේ කියායි”
ප්‍රේමදාස යුගයේ හොද දේවල් තිබේ. නමුත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආපස්සට හැරවූ , පුරවැසියන්ගේ නිදහසට එරෙහිව අවි එසවූ යුගයකට නායකත්වය දුන් මිනිසෙක් ගැන ඕනෑවට වඩා පාරම්බෑම විසින් එය බලාහිඳින ප්‍රගතශීලි ජනයාට මහත් අපුලක් එක්කර ඇත. දේශපාලනයේ දී සදාතනික හතුරොත් මිතුරොත් නැත. එහෙත් ගෝටාභයට විරුද්ධව හඬනඟන්නේ යම්සේද ප්‍රේමදාස යුගය වර්ණනා කිරීම මඟින් ගෝටාභය,මහින්ද යුගයේ සිදුකළ ප්‍රචන්ඩත්වය පිටුදැකීම නිෂේධ වීම වැලකිය නොහේ. ⁣මෙයට හොඳම උදාහරණය පසුගියදා අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා විසින් කළ කතාවකි.

පදුගියදා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙැමුණේ වේදිකාවෙිදී ඔහු විසින් කළ කතාව ආරම්භයේදී අපේ රටේ වාසනාවන්තම කාන්තාව හේමා ප්‍රේමදාස ලෙස ඔහු අමතනු ලදී. එයට හේතුව සැමියත් ජනාධිපති ,පුතත් ජනාධිපති ලෙස පැවසීය.
ඒ සමඟම ඔහු පැවසූවේ ” 89 මම පාර්ලිමේන්තුවට ආවේ, අපි ඒ කාලේ ප්‍රේමදාස මහතාට ගොඩාක් විරුද්ධව මම කතා කළා ,සමාවෙන්න ඕනා.”

ඒසේ සඳහන් කරමින් අමාත්‍ය විජිත් විජිතමුනි සොයිසා විසින් හේමා ප්‍රේමදාස මහත්මියගෙන් සමාව අයදින ලදී.
ඔහු ඒ සිදුකළේ වමාරා කෑමකි. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වර්ණනා කරන්නට යාමෙිදී බොහෝ අයට ඉදිරියේදී වමාරා කන්නට වීම අනිවාර්යයකි.


සිල්වෙස්ටර් පෙරේරා – මාරවිල

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article