Saturday, January 18, 2025

මේ ගවයින් බැද දමනු !!!

Must read

දඹුල්ල – කුරුණෑගල ප‍්‍රධාන මාර්ගය නවීකරණය කිරීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙයි. මෙහිදී එක් මංතීරුවක නවීකරණ කටයුතු සිදුකෙරද්දී අනෙක් මංතීරුව වාහන ගමනාගමනයට විවෘත කෙරෙන අතර දෙපසින් එන වාහනවලට මාරුවෙන් මාරුවට එම මංතීරුවෙන් හරහා ගොස් එහා මෙහා යෑමට මාර්ග ඉදිකිරීම් සේවකයින් විසින් අවස්ථාව සලසා දෙති. මේ හේතුවෙන් එක් පසෙකින් පැමිණෙන වාහන අනෙක් පසට මාරු වෙන තුරු විනාඩි කිහිපයක් ප‍්‍රමාදවීමට සෑම රියදුරෙකුටම සිදු වන අතර මාර්ග නීතිවලට අනුව යමින් පැමිණෙන පිළිවෙළ අනුව එකක් පිටුපස එකක් වශයෙන් වාහන නවතා ගැනීමට රියදුරන් විසින් කටයුතු කරති. නමුත් මේ මාර්ග නීතී හෝ මාර්ග විනය ගැන කිසි`දු තැකීමක් නොකරන ඇතැම් නොමනා රියදුරෝ තමන්ට ඉදිරියෙන් ඇති වාහනයට පසුපසින් රථය නවතා ගැනීම වෙනුවට එම වාහන පෙළ පසුකරගෙන ඉදිරියට ගොස් කුඩා ඉඩක් ඇති තැනකින් වාහනය රිංගවා ගන්නට උත්සාහ කරති. මේ නිසා මංතීරු දෙකම අවහිර වී දෙපසටම වාහන ධාවනය කරන්නට නොහැකි වීමෙන් දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වන අතර ඇතැම්විට එම තදබදය නිරවුල්වීමට පැය ගණනාවක් ගතවෙයි. මෙලෙස මාර්ගනීති කඩමින් වැරදි ලෙස වැඩි වශයෙන් රිය ධාවනය කරන්නේ පුද්ගලික බස් රථ රියදුරන් විසිනි.
ඡුායාරූපවලින් දැක්වෙන්නේ මඩකලපුව සිට කොළඹ බලා ධාවනය කෙරෙන ND 7384 දරණ බස් රථය , එහි රියදුරා විසින් පසුගිය 22 වැනිදා පෙරවරු 10.15 ට පමණ ඉබ්බාගමුව, පාන්ගොල්ල ප‍්‍රදේශයේදී මාර්ග නීති කඩාදමමින් ධාවනය කර වූ අයුරුය. මේ අවිනීත රිය ධාවනය නිසා ඇති වූ රථවාහන තදබදය හේතුවෙන් තම ගමන අමතර පැය භාගයකින් පමා කරගන්නට ඒ වන විට දඹුල්ල – කුරුණෑගල මාර්ගයේ ගමන් කරමින් සිටි දහස් ගණනක් වූ ම`ගීන්ට සිද වූහ. මහදවාලේ මාර්ග නීති අමු අමුවේ උල්ලංඝණය කරමින් , ගවයින් ආකාරයෙන් හැසිරෙමින් රිය ධාවනයේ යෙදෙන මෙවැනි අවිනීත රියදුරන් සම්බන්ධයෙන් මීට වඩා නීතිය ක‍්‍රියාත්මක විය යුතු බව මහජනතාවගේ මතයයි.

SAM_5905 [Max Width 2400 Max Height 1800]

SAM_5902 [Max Width 2400 Max Height 1800]

SAM_5907 [Max Width 2400 Max Height 1800]

SAM_5900 [Max Width 2400 Max Height 1800]

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article