Saturday, January 18, 2025

මේ කාලයේ ඉස්සන් වගාවට භූමිය වැඩියෙන් සොයන්නේ රාජ්‍ය බලය අත ඇති අය නොවේද?

Must read

118580466_3348502931878345_2368056892145990013_n(19.18pm) ආනවිලුන්දාව රක්ෂිතයේ භූමි කොටසක් ඩෝසර කර ඉස්සන් වගාවකට සූදානම්වීමේ වෑයමක් පසුගියදා ජනතාව විසින් කරන ලද හෙළිදරව්වකින් ව්‍යර්ථ විය. පෙර කළ ඉස්සන් වගාවකට යොදාගත් අක්කර එකසිය ගණනක භූමි භාගයක් අතහැර දැමූ පසු නැවත මෙම භූමිය වනජීවී දෙපාර්තමේන්තුව විසින් රක්ෂිතයක් ලෙස නම්කර නැවත කඩොලාන වැනි තෙත්බිම් ආශ්‍රිත වෘක්ෂලතා වැවීම සදහා  ජෛව විද්‍යාත්මක පසුබිමක් සකස් කරමින් තිබියදි මෙම භූමිය ඩෝසර කිරීම අහඹු සිදුවීමක් ලෙස ගත නොහැක.  මෙම භූමිය ඩෝසර කර ඇත්තේ රාත්‍රි කාලයේදී වීමම මෙය වැරදි ක්‍රියාවක් මෙන්ම මෙහි පිටුපස ප්‍රබල හස්තයක් ඇති බවට ඇති මතය පිටුදැකිය නොහැක.  පසුගිය නොවැම්බර් මාසයේදී  නව රජය පත්වූ පසු මෙම ප්‍රෙද්ශයේ දේශපාලන ප්‍රචන්ඩත්වය වැපිරූ ප්‍රධාන පුද්ගලයෙකු ලෙස ආරච්චිකට්ටුව  ප්‍රාෙද්ශීය සභා මන්ත්‍රී ජගත් සමන්ත මහතාට චෝදනා එල්ල විය. ඔහුගේ දේශපාලන බලය යොදවා පුද්ගලයෙකුගේ කොන්ත්‍රාත්තුවක් උදුරාගැනීමට ගත් උත්සාහය පිළිබදවත් ඔහුට සිදුකළ පහරදීම පිළිබදවත් මාධ්‍ය වල වාර්තා පළ විය. ආරච්චිකට්ටුව පොලීසියේ ඔහුට විරුද්ධව පැමිණිලි සටහන් වී තිබේ. ජගත්  සමන්ත යනු  සනත් නිශාන්තගේ සොහායුරායි.
ඉස්සන් වගාව සම්බන්ධයෙන් කතා කරනවා නම් ලංකාව විශාල ලෙස ලාභ ලැබිය හැකි ඉස්සන් අභිජනන ව්‍යාපෘති කරන ව්‍යාපාරියෙකු ලෙස සනත් නිශාන්ත ප්‍රකටය. මෙම ඉස්සන් හැචරිය තුළ ඉතාම මිළ අධික ඉස්සන් බෝ කරන බවත් මෙම ව්‍යාපාරයට වෙන්න්ප්පුවේ ද ඉහළ පෙලේ ව්‍යාපාරිකයෙකු සම්බන්ධ බවද ප්‍රෙද්ශවාසීන් දනිති. සනත් නිශාන්ත අමාත්‍යවරයාට ඉස්සන් වගාව සමග සෘජු සම්බන්ධයක් තිබෙන අතර  රාජ්‍ය බලය නොමති පුද්ගලයෙකුට ආරච්චිකට්ටුවේ   ඩෝසරයක් තියා විල්බැරෝවක් පවා දැමිමට නොහැකි බවත් පසුගියදා විපක්ෂයේ මන්ත්‍රී නලින් බන්ඩාර මහතා පවසන ලදී.

ආරච්චිකට්ටුව ප්‍රෙද්ශවාසින් පවසන්නේ  ආනවිලුන්දාව රක්ෂිතයේ ඩෝසර් කළ භූමි ප්‍රමාණය ඉදිරියේදී ඉස්සන්  ටැංකි සෑදීම සදහා යොදා ගැනීමට උත්සාහ කළ බවයි. අභිජනනය කරන ලද ඉස්සන් පැටවුන් බෝ කිරීමට  එම ටැංකි අවශ්‍ය වන්නේ කාටදැයි කියාද ආරච්චිකට්ටුව ප්‍රෙද්ශවාසීන් දනිති.  පුත්තලම දිස්ත්‍රික්කයේ  දේශපාලඥයින් සහ ඉස්සන් වගාව අතර ඇති සම්බන්ධතාව ජනාධිපතිවරයාට අවශ්‍යනම් ආරච්චිකට්ටුව ගමේ ජනතාවගෙන් දැනගැනිමට හැකිවනු ඇත. පසුගිය දිනවල ආනවිලුන්දාව සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වල රාජය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට චෝදනා එල්ලවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාද ඔහුගෙන් විමසූ බවත් එයට ඔහු  දුන් පිළිතුරත් මාධ්‍ය වල පලවි තිබුණි.
“ඊයේ උදේ ජනාධිපතිවරයා මට කථා කරලා කිව්වා. සමාජ ජාලවල යන ආනවිලුන්දාවේ පළහිලවට ඔයාගේ තියෙන සම්බන්ධය මොකක්ද? කියලා. මම ජනාධිපතිවරයාට දුන් උත්තර මගේ කිසි සම්බන්ධයක් නැහැ. මගේ වචනෙකින් හරි සම්බන්ධ නම් දඬුවමට සූදානම්. මෙය මා විසින් හෝ මගේ කෙනෙකු කළ දෙයක් නොවෙයි. හැබැයි මගේ ඡන්දදායකයෙක්, ගම්වැසියෙක් කරපු දෙයක්. මේ සිදුවෙලා තියෙන කාරනය සම්බන්ධයෙන් මම ස්ථානීය පරීක්ෂාවක් කරලා මගේ ඇස් දෙකෙන් ම මම දැක්කා. මෙහි කිසිදු පරිසර හානියක්වෙලා නැහැ,” යනුවෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසා ඇත.

 

 

 

ආරච්චිකට්ටුවේ චණ්ඩිකම් පාලනය කිරිමට පොලිසිය අසමත්ද ?

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article