Saturday, January 18, 2025

” මෙදා සැරේ මහින්දට යන්න වෙන්නේ හොම්බෙන් ! ” රනිල් කුරුණෑගල අවසන් රැළියේදී කියයි.

Must read

එළැඹෙන මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂට හොම්බෙන් යන්න වෙන බවත්, ලංකාවේ මැතිවරණ මෝස්තර එය බවත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.

අගමැතිවරයා මේ බව පැවසුවේ ඊයේ (12 දා) පස්වරුවේ පැවැති එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත‍්‍රික් අවසන් මහා රැළිය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අගමැතිවරයා මෙසේද කීය.

” මහින්ද රාජපක්ෂ අවුරුදු දහයක් තිස්සේ බලයේ ඉන්න ගමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඡන්ද ලක්ෂ 58 ක් අරන් පරාජයට පත් වුණා. මාස හයකට පස්සේ මන්ත‍්‍රීකමට තරගකරන්න මහමැතිවරණයට ඉදිරිපත්වෙලා ඉන්න මහින්ද රාජපක්ෂ දැන් කල්පනා කරනවා අර ජනාධිපති විදිහට තරගකරනකොට තිබුණු අර ඡන්ද ලක්ෂ 58 තාම ඒ විදිහටම තියෙනවා කියලා. එක ප‍්‍රධාන ඡන්දෙකින් පැරදුණාට පස්සේ ඊළගට එන ඡන්දෙදී හොම්බෙන් යන්න වෙනවා. ඒකයි ලංකාවේ මැතිවරණ මෝස්තරේ. 1988 දෙසැම්බර් මාසේ බණ්ඩාරනායක මැතිණි පැරදුණේ ලක්ෂ දෙක හමාරකින්. ඒත් මාර්තු මාසේ මහ මැතිවරණේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්දය සීයට තිස් දෙකකට අඩු වුණා. 1994 අගෝස්තු මාසේ පාර්ලිමේන්තු ඡන්දය එක්සත් ජාතික පක්ෂය පැරදුණේ එක මන්ත‍්‍රීධූරයකින්. ඒත් නොවැම්බර් මාසේ ජනාධිපතිවරණේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති වුණා විතරක් නෙවෙයි, අපිට ඉතුරුවුණේ මහියංගණය විතරයි.

පසුගිය ජනාධිපතිවරණේදී ජනතාව බලයට පත්කළේ ජනාධිපතිවරයෙක් විතරක් නෙවෙයි. අඵත් ආණ්ඩුවක් පත් කළා. මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති වුණොත් එවකට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක විදිහට හිටිය මම අගමැති හැටියට පත්කරන්නත්, සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇතිකරන්නත් අපිට වරමක් ලැබුණා. ඒ අනුව දින සීයේ වැඩසටහනේ පළමුවැනි පියවර වුණේ මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා ජනාධිපති හැටියට දිවුරුම් දෙන එක. දින සීයේ වැඩසටහනේ දෙවැනි පියවර වුණේ මම අගමැති හැටියට දිවුරුම් දෙන එක . ඊළග පියවර වුණේ සර්ව පාක්ෂික ආණ්ඩුව, කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙන එක. ඒ අනුව අඵත් ජනාධිපතිවරයෙක්, අඵත් අගමැතිවරයෙක්, අඵත් ආණ්ඩුවක් පත් කළා. අවුරුදු දහයක් බලයේ ඉදලා, ජනතාවට එපා වෙලා, ආණ්ඩුව ගෙදර ඇරලා, මහින්ද රාජපක්ෂට මැදමුලනට යන්න කියලා අ`ඵත් ජනාධිපතිවරයෙකුයි, අඵත් ආණ්ඩුවකුයි ජනතාව පත්කර ගත්තා. ඒ තීරණය ජනතාව වෙනස් කරන්නේ නෑ.
මහින්ද රාජපක්ෂ කුණු බක්කියට වැටුණාට අපිට කරන්න දෙයක් නෑ. ඔහු කුණු බක්කියට දමපු අපේ රටයි, ජනතාවයි ගොඩටගැනීම තමයි අපේ එකම අරමුණ. ඒ අරමුණින් අපි ඈත් වෙන්නේ නැහැ. ආපහු බලය ගන්නවා, ජනතාව එයාට බලය දෙනවා කියලා මහින්ද රාජපක්ෂ දකින්නේ දවල් හීනයක් කියලා මම කියන්න කැමැතියි. අපි දවස් සීයේ වැඩසටහනක් ක‍්‍රියාත්මක කළා. අපි යහපාලනයක් ඇති කළා. ජනතාවට සහන දුන්නා. සිංහල අවුරුද්ද වෙනකොට ඔය හැම එක්කෙනාගෙම අතේ මුදල් තිබුණා. දැන් ඒ වැඩසටහන ඉවරකරලා අපේ වරම අනුව අපි ඉදිරිපත්වෙලා ඉන්නවා අවුරුදු පහකට අඵත් පාර්ලිමේන්තුවක් පත්කරන්න.

අපි ඉදිරිපත් වෙන්නේ විශ්ෂයෙන්ම ඔබේ අනාගතය තහවුරු කරන්න. ඔබේ අනාගතය තහවුරු කරන සැලැස්ම හැදුවාම අපිට තේරුණා අවුරුදු පහකින්, මාස හැටකින් අඵත් රටක් හදන්න පුඵවන් කියලා. මාස හැටෙන් ඒ අඵත් රට හදන්නයි අපි වරම් ඉල්ලන්නේ කියලා මම කියන්න කැමැතියි. අපේ පංචවිධ ක‍්‍රියාවලිය තියෙනවා. ඒකේ ප‍්‍රධාන එක තමයි ආර්ථිකය. ඔබේ ආදායම වැඩිදියුණු කරන්න. ඒ වගේම ඊළග අවුරුදු පහේ අඵත් රැකියා ලක්ෂ දහයක් බිහිකරන්න. ඒකට විදේශීය අයෝජකයින් ගේන්න ඕනෑ. විදේශීය අයෝජකයෝ ආපුවාම තමයි මේ රටේ කර්මාන්තශාලා, හෝටල්, පරිගණක සේවා ව්‍යාපාර ඇතිකරන්න පුඵවන්. අපිට විදේශිය වෙළදපොළ අල්ලගන්න තියෙනවා. අපි ආපහු ජීඑස්පී ප්ලස් ලබාගන්නවා. ඉන්දියාව එක්ක කතාකරලා ඉන්දියානු වෙළදපොළට යන්න සහන ලබාගන්නවා. චීන වෙළදපොළට යන්න සහන ලබාගන්නවා. ඒවා ඉවරකරලා අන්තිමට ඇමරිකාවේ වෙළදපොළට යන්න සහන ලබාගෙන ඒ විශාල වෙළදපොළට තමයි ඒ ආයෝජකයන් මෙහාට ගේන්නේ. ඒ වැඩකටයුතු දැන් ආරම්භවෙලා. වොක්ස් වැගන් සමාගම දැන් ඇවිල්ලා කුලියාපිටියේ කර්මාන්තශාලාවක් දානවා. එතැනින් තමයි වැඩ පටන් අරගෙන තියෙන්නේ. දහස් ගණන් මේ කර්මාන්තශාලා ආවාම අපි ආර්ථික සංවර්ධන කලාප ඇතිකරන්න පටන් ගන්නවා. ඒකේ ප‍්‍රධාන එකක් ඇතිකෙරෙන්නේ කුලියාපිටිය, දඹදෙණිය, කටුගම්පළ, දිවුලපිටිය කේන්ද්‍රකරගෙනයි. ආයෝජන කලාප හතරක් පහක් ඇතිකරනවා. එතැනින් තමයි මේ රැකියා බිහිකරන්න අපි ක‍්‍රියාකරන්නේ. ඒ වගේම සංචාරක ව්‍යාපාරය දියුණුවුණාම මේ පැතිවලට සංචාරකයෝ එනවා. ඒ වගේම අපි යටිතල පහසුකම් දෙනවා. අපි ඉස්සරලාම කරන්නේ මේ ප‍්‍රදේශවල ආණ්ඩුවේ ඉඩම්වල නීත්‍යානුකූලව ජීවත්වුණු අයට සින්නක්කර ඔප්පු දෙන එකයි. ගෙවල් දොරවල් හදලා, ගොවිතැන් කරගෙන, කඩසාප්පු දාගෙන ඉන්න ඒ සියඵ දෙනාටම සින්නක්කර අයිතිය දෙන නීතිය අවුරුද්දක් යන්න ඉස්සරවෙලා අපි සම්මත කරනවා. ”

01 03 (1) 05 (1) 05 (2) 06 03 (2) copy

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article