අද පස්වරු 7.00 දක්වා බලපැවැත්වෙන පරිදි මුහුදු රළ ඉහළ යාම හා ගොඩබිමට මුහුදු රළ පැමිණීම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. මෙම නිවේදනයට අනුව මන්නාරම සිට කොළඹ හරහා ගාල්ල දක්වා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5-3.00 දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බව සදහන් කර ඇත. එලෙසම යම අවස්ථාවන් වලදී මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බවද එම නිවේදනයේ සදහන් වෙයි.